පියා එනතුරු අවසන් ගමන් නොයන දියණිය.

Thursday, 15 August 2013 - 12:45

%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA.

සෞදියේ රැකියාවේ නිරත වන පියෙකුට මෙරටට පැමිණීමට අවස්ථාව නොලැබීම නිසා සිය දියණියගේ මෘත ශරීරය දින 08 ක් පුරා නිවසේ තබා ගැනීමට සිදුව ඇති පුවතක් කෑගල්ල - දෙහි ඕවිට - කුරුපැත්ත ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අද වාර්තා වුණා. තවත් කුඩා දරුවන් පිරිසක් සමග සෙල්ලම් කරමින් සිටියදී කිතුල් කොටයක් ඇඟ මතට වැටීමෙන් කවීෂා සෙව්මිණි නැමැති මෙම සිව් හැවිරිදි දැරිය ජීවිතක්ෂයට පත්වුණේ මීට දින 08 කට පෙරයි. කෙසේ වෙතත්, ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම සඳහා මේ වනතුරු නොහැකි වී ඇත්තේ මියගිය දැරියගේ පියාගේ නොපැමිණීම හේතුවෙන්.

පියා ගෙන්වා ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම් දුන්නද මෙතෙක් එම කටයුතු සිදුවී නොමැති බවටයි මියගිය දැරියගේ ඥාතියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

[MP3]s65116_1[/MP3]   

අප මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනියගෙන් විමසීමක් කළා.

[MP3]s65116_2[/MP3]