රූකා - ලේඛා නඩුවේ චූදිතයන්ට සමාව ? ජනපතිගේ අවධානය.

Thursday, 15 August 2013 - 12:53

%E0%B6%BB%E0%B7%96%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B7%8F+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%A0%E0%B7%96%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%3F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA.

චූදිතයන්ට සමාව දෙන ලෙස රූකාන්ත - චන්ද්‍රලේඛා යුවල කරනු ලැබූ ඉල්ලීම ජනාධිපතිවරයා විසින් සලකා බලමින් සිටින බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා. 2000 වසරේ සිදුවු සාපරාධී බිය ගැන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරුවන් වූ දස දෙනාට සමාව දෙන ලෙස රූකාන්ත - චන්ද්‍රලේඛා යුවල ඊයේ(14) ජනාධිපතිවරයා හමුවී ලිඛිත ඉල්ලීමක් කළා. සාමාන්‍යයෙන් ජනාධිපති සමාව ලබාදීමට දඬුවමට ලක්වු පාර්ශවයෙන්ද ඉල්ලීමක් කළ යුතු වනවා. ඒ අනුවයි චූදිතයන්ට ජනාධිපති පොදු සමාව ලබා දෙන්නේද, නැද්ද යන්න පිළිබඳව ජනාධිපතිවරයා විසින් තීරණයක් ගනු ලබන්නේ.

පසුගිය අඟහරුවාදා මාධ්‍ය හමුවක් කැඳවමින් රූකාන්ත - චන්ද්‍රලේඛා යුවල කියා සිටියේ තමන්ට සහ තම දේපළවලට හානි කිරීමේ සිද්ධියේ වරදකරුවන් වූ සියළුම චූදිතයන්ට සමාව දෙන බවයි. මාධ්‍ය හමුවේ අදහස් දැක්වු රූකාන්ත ගුණතිලක කියා සිටියේ වරදකරුවන්ට අධිකරණය විසින් ලබාදුන් තීන්දුව පිළිබඳව සතුටු වන නමුත්, තමන්ට හිරිහැර කිරීමේ නියෝගය ලබාදුන් අය නිදැල්ලේ සිටින බවයි.

[MP3]s65118[/MP3] 
 
2000 වසරේ ජනවාරි 26 වැනිදා රූකාන්ත - චන්ද්‍රලේඛා යුවලගේ මත්තේගොඩ නිවසට ආයුධ සන්නද්ධව කඩා වැදී අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 11 දෙනෙකුට චෝදනා එල්ල වුණා. මොවුන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන්. මෙම නඩුවේ තීන්දුව පසුගිය අගෝස්තු මස 1 වැනිදා පානදුර මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවන් 9 දෙනෙකුට වසර හතරහමාර බැගින් බරපතල වැඩසහිත සිරදඩුවම් නියම කළා. තවත් විත්තිකරුවෙකුට වසර හතරහමාරක ලිහිල් සිරදඩුවම් නියම කෙරුණා. ඒ, ඔහු පූර්ණකාලීන ආබාධිත තත්ත්වයෙන් පසුවීම හේතුවෙන්. මෙම නඩුවේ තවත් විත්තිකරුවෙකු මහාධිකරණ විනිසුරුවරිය විසින් නිදහස් කර තිබෙනවා. ඊට අමතරව විත්තිකරුවන් දස දෙනාට රුපියල් ලක්ෂ 20 ක වන්දියක් රූකාන්ත - චන්ද්‍රලේඛා යුවලට ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළා.