අලිපොත හොයන්න පංච පුද්ගල කමිටුවක්.

Friday, 16 August 2013 - 7:26

%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD+%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B6%82%E0%B6%A0+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

අස්ථානගත වූ හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ සටහන් පොත සම්බන්ධයෙන් සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට වනජීවී අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ඊයේ (15) පියවර ගෙන තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් නිලධාරීන් පරස්පර විරෝධී අදහස් ප්‍රකාශ කරන බැවින් මෙම පියවර ගත් බවයි. ඒ අනුව මහාචාර්ය සරත් කොටගමගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කමිටුව පත්කර තිබෙනවා.

 

[MP3]s65164[/MP3]

 

හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ සටහන් ලේඛනය අස්ථාන ගතවී ඇති බව අප ප්‍රවෘත්ති තුළින් පසුගිය සිකුරාදා අනාවරණය කළා. කෙසේ වෙතත් පසුගිය සඳුදා බුත්තල පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ සේවය අත්හිටවූ නිලධාරියෙකුව මෙම සටන් ලේඛනය පවතින බවයි. එසේ තමන් ප්‍රකාශ කළේ නිලධාරීන් ලබාදුන් තොරතුරු මත බවද අමාත්‍යවරයා සඳහන් කළා.

 

මේ වනවිට පොලීසිය විසින් අදාළ පොත අස්ථාන ගතවූ බත්තරමුල්ලේ පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති අංශයට මුද්‍රා තබා තිබෙනවා. එමෙන්ම මේ සම්බන්ධයෙන් වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා සහ පොලීසිය වෙන වෙනමද පරීක්ෂණයක් සිදුකරනවා.