මහනුවර පළමු රන්දෝලි පෙරහර අද රාත්‍රියේ.

Friday, 16 August 2013 - 18:42

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (16) රාත්‍රී 8.6ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කරනවා. මේ වනවිටත් පෙරහැර නැරඹීම සඳහා අති විශාල පිරිසක් මහනුවරට පැමිණ ඇති අතර, විනීතව පෙරහර කටයුතුවලට සම්බන්ධ වන ලෙස දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල සියලූ දෙනාගෙන් ඉල්ලීමක් කළා.


[MP3]s65215_1[/MP3]                                                                               

පෙරහර ගමන් මඟ පිළිබඳව තොරතුරු ගෙන එන මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ සිටින හිරු වාර්තාකරු ආර්.එම්.ආර් රත්නායක.

[MP3]s65215_2[/MP3]                                                                        

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ උත්කර්ශවත්ම අවස්ථාව වන රන්දෝලි පෙරහර ආරම්භ වන්නේ කුඹල් පෙරහරේ අවසානයත් සමගයි. සතර මහා දේවාලවල කප් සිටුවීමෙන් අනතුරුව ඇතුළේ පෙරහර හෙවත් දේවාල භූමිය තුළ සිදුකෙරෙන පෙරහර දින 5ක් පුරා පැවැත්වෙනවා. 6 වන දවසේ කුඹල් පෙරහර ආරම්භ වන අතර, එය ද දින 5ක් වීථි සංචාරය කිරීම විශේෂත්වයක්. අනතුරුවයි රන්දෝලි පෙරහර පැවැත්වෙන්නේ.  

මේ අතර, දළඳා වහන්සේ වෙත සාම්ප්‍රදායිකව ආදිවාසීන් විසින් සිදුකරනු ලබන මී පැණි පූජාව අද (16) පෙරවරුවේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. රන්දෝලි පෙරහර ආරම්භ වන දිනයේ මෙලෙස මී පැණි පූජාව පවත්වන අතර, ඒ සඳහා ආදිවාසී නායකයා ඇතුළු කණ්ඩායමක් සහභාගී සිටියා. මී පැණි පූජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලඇත්තන්.
[MP3]s65215_3[/MP3]    



ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More