මහනුවර හෙද නිලධාරියෙක් ගස් නගී.

Friday, 16 August 2013 - 18:48

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%84%E0%B7%99%E0%B6%AF+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B7%93.

මහනුවර මහරෝහල් පරිශ්‍රයේ පිහිටි ගසක් මත නැගී හෙද නිලධාරියෙකු අද (16) දහවල් විරෝධතාවක්් ආරම්භ කළා. ඒ, එම රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් අතර නිළ කාමරයක් සම්බන්ධයෙන් උද්ගතව තිබූ ගැටළුවට සෞඛ්‍ය බලධාරීන් විසින් ඊයේ (15) ලබාදුන් විසඳුම ඉවත් කර ගන්නා ලෙස බලකරමින්. නවරත්න බණ්ඩාර නැමැති මෙම හෙද නිලධාරියා තවමත් ගස මත නැග සිය විරෝධතාවයේ නිරත වනවා.

මීට මාසයකට පමණ ඉහත දී මහනුවර මහරෝහලේ නිළ කාමරයක හිමිකාරීත්වය සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් අතර ගැටළුකාරී තත්ත්වයක් උද්ගත වුණා. මෙම ගැටළුකාරී තත්ත්වය විසඳීමට රෝහල් පරිපාලනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අවස්ථා කිහිපයකදී උත්සාහ කළ ද එය අසාර්ථක වුණා. දින කිහිපයක් වෛද්‍යවරුන් බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර කටයුතු, සායනික ප්‍රතිකාර සහ සැලසුම් කළ ශල්‍යකර්ම සිදුකිරීමෙන් ඉවත් වුණේ ඉන් අනතුරුවයි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වූ වෛද්‍යවරුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ රෝහල් ශල්‍යාගාරයේ සේවය කරන විනය විරෝධී හැසිරුණු බව කියන හෙදියන් දෙදෙනෙකු වෙනත් අංශයක් වෙත මාරු කර යවන ලෙසයි. සෞඛ්‍ය බලධාරීන් සමඟ ඊයේ පැවැති සාකච්ඡාවේදී ඒ සඳහා එකඟතාවය පළ කර තිබූ අතර, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අත්හිටුවීමට ඉන් අනතුරුව වෛද්‍යවරුන් තීරණය කළා. කෙසේ වෙතත්, ගස මත සිටින හෙද නිලධාරියා ප්‍රකාශ කරන්නේ වෛද්‍යවරුන්ගේ චෝදනාවට ලක්වූ හෙද නිලධාරිනියන් රෝහලේ වෙනත් ස්ථානයට මාරු කිරීමට පියවර ගෙන ඇති නිසා ඊට එරෙහිව තමන් විරෝධතාවයේ නිරත වන බවයි. 

කෙසේ වෙතත්, අද (16) පස්වරුවේ ඔහු විරෝධතාවයේ යෙදෙන ස්ථානයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද ගුණසේකර පැමිණියා. එහිදී මෙම විරෝධය අත්හිටුවන ලෙස නවරත්න බණ්ඩාරගෙන් ඔහු ඉල්ලීමක් කළත්, ඊට නවරත්න බණ්ඩාර එකඟත්වයක් පළ කළේ නැහැ. මේ එම අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා නවරත්න බණ්ඩාරට කරුණු පැහැදිලි කර ආකාරයයි.  

[MP3]s65217_1[/MP3]                                  

අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් ගස මත සිටින හෙද නිලධාරී නවරත්න බණ්ඩාර සමඟ දුරකථන සංවාදයක නිරත වුණා.

[MP3]s65217_2[/MP3]

මේ අතර, සෞඛ්‍ය බලධාරීන් ඊයේ (15) ලබාදුන් තීරණයට එරෙහිව ඉදිරියේ දී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීමට සිය සංගමය තීරණය කළ බව සමස්ත ලංකා හෙද සංගමයේ මහනුවර ශාඛාවේ ලේකම් ප්‍රභාත් පලීපාන ප්‍රකාශ කළා.

[MP3]s65217_3[/MP3]     



ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More