මහනුවර හෙද නිලධාරියා තවමත් ගස උඩ.

Saturday, 17 August 2013 - 7:49

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%84%E0%B7%99%E0%B6%AF+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83+%E0%B6%8B%E0%B6%A9.

මහනුවර මහරෝහල් පරිශ්‍රයේ පිහිටි ගසක් මත නැගී හෙද නිලධාරියෙකු ආරම්භ කළ විරෝධතාවය තවමත් ක්‍රියාත්මකයි. එම රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් අතර නිළ කාමරයක් සම්බන්ධයෙන් උද්ගතව තිබූ ගැටළුවට සෞඛ්‍ය බලධාරීන් විසින් පෙරේදා (15) ලබාදුන් විසඳුම ඉවත් කර ගන්නා ලෙස බලකරමිනුයි ඔහු මෙම විරෝධය ආරම්භ කළේ. නවරත්න බණ්ඩාර නැමැති මෙම හෙද නිලධාරියා තවමත් ගස මත නැග සිය විරෝධතාවයේ යෙදෙන අතර, එම ස්ථානයේ සිටින රෝහලේ හෙද නිලධාරියෙකු ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස පැහැදිලි කළා.

[MP3]s65234_1[/MP3]

මීට මාසයකට පමණ ඉහත දී මහනුවර මහරෝහලේ නිළ කාමරයක හිමිකාරීත්වය සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් අතර ගැටළුකාරී තත්ත්වයක් උද්ගත වුණා. අනතුරුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වූ වෛද්‍යවරුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ රෝහල් ශල්‍යාගාරයේ සේවය කරන විනය විරෝධී හැසිරුණු බව කියන හෙදියන් දෙදෙනෙකු වෙනත් අංශයක් වෙත මාරු කර යවන ලෙසයි. සෞඛ්‍ය බලධාරීන් සමඟ පෙරේදා (15) පැවැති සාකච්ඡාවේදී ඒ සඳහා එකඟතාවය පළ කර තිබූ අතර, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අත්හිටුවීමට ඉන් අනතුරුව වෛද්‍යවරුන් තීරණය කළා. කෙසේ වෙතත්, ගස මත සිටින හෙද නිලධාරියා ප්‍රකාශ කරන්නේ වෛද්‍යවරුන්ගේ චෝදනාවට ලක්වූ හෙද නිලධාරිනියන් රෝහලේ වෙනත් ස්ථානයට මාරු කිරීමට පියවර ගෙන ඇති නිසා ඊට එරෙහිව තමන් විරෝධතාවයේ නිරත වන බවයි.

[MP3]s65234_2[/MP3]

ඔහු විරෝධතාවයේ යෙදෙන ස්ථානයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද ගුණසේකර ද ඊයේ (16) පැමිණියා. එහිදී මෙම විරෝධය අත්හිටුවන ලෙස නවරත්න බණ්ඩාරගෙන් ඔහු ඉල්ලීමක් කළත්, ඊට නවරත්න බණ්ඩාර එකඟත්වයක් පළ කළේ නැහැ.

[JPG]65234_1[/JPG]

[JPG]65234_2[/JPG]

[JPG]65234_3[/JPG]

[JPG]65234_4[/JPG]

[JPG]65234_5[/JPG]

[JPG]65234_6[/JPG]

[JPG]65234_7[/JPG]

[JPG]65234_8[/JPG]

[JPG]65234_9[/JPG]

[JPG]65234_10[/JPG]

[JPG]65234_11[/JPG]

[JPG]65234_12[/JPG]



ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණි කාන්තාවක් ඡන්ද පොළේදී මිය යයි
Wednesday, 05 August 2020 - 18:20

මිනුවන්ගොඩ, අලුතැපොල - වලගම්බා මහා විද්‍යාලයේ පැවති ඡන්ද... Read More

ඡන්ද විමසීම අවසන් වෙද්දී ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතයන්
Wednesday, 05 August 2020 - 17:51

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,838 දක්වා ඉහළට
Wednesday, 05 August 2020 - 17:24

ශ්‍රී ලංකාවේ කොරෝනාආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,838 දක්වා ඉහළ ගොස්... Read More