5 ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ, වැඩමුළු හෙට මැදියම් රැයේ සිට තහනම්.

Sunday, 18 August 2013 - 12:42

5+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%2C+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

මෙවර පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත අපේක්ෂකයන් සඳහා හෙට (19) මධ්‍යම රාත්‍රියේ සිට මේ මස 25 වැනිදා දහවල් 12 දක්වා කාලය තුළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ මෙම නියෝගය උල්ලංගණය කරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු පොලිස් මූලස්ථානය, ළඟම ඇති පොලිස් ස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙසයි.

 

විභාග දෙපාර්තමේන්තුවේ ක්‍ෂණික ඇමතුම් අංක 1911 ට හෝ 0112 78 42 08, 0112 78 45 37, 0113 188 350, 0112 78 52 12 යන දුරකථන ඇමතුම්වලට මේ පිළිබඳ තොරතුරු ලබාදිය හැකි බවද විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

 
[MP3]s65322[/MP3]