පළාත් ඡන්දයට තැපැල් ඡන්ද, 111,000 ක්.

Sunday, 18 August 2013 - 12:44

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%2C+111%2C000+%E0%B6%9A%E0%B7%8A.

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීමට අදාළව තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එක්ලක්ෂ එකොළොස්දහස් තුන්සිය අසූ තුන්දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඞ් සඳහන් කළේ තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් එක්ලක්ෂ තිස් තුන්දහස් පන්සිය හතලිස් දෙකක් ලැබී තිබූ බවයි. ඉන් අයදුම්පත් විසි දෙදහස් එකසිය පනස් නමයක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. වැඩිම අයදුම්පත් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයටයි. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා අයදුම්පත් 50,470 ක් ඉදිරිපත්ව තිබූ අතර ඉන් 46,374 ක් පිළිගෙන ඇති බවයි. තැපැල් ඡන්ද ඉල්ලූම්පත් අඩුම සංඛ්‍යාවක් යොමුකර ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයටයි. තැපැල් ඡන්ද අයදුම්පත් එක්දහස් පණහක් මුලතිව් දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත්ව ඇති අතර ඉන් පිළිගෙන ඇත්තේ 831 ක් පමණයි. වැඩිම අයදුම්පත් සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේයි. මහනුවර දිස්ත්‍රික්කයට තැපැල් ඡන්ද ඉල්ලූම්පත් 31,944 ක් ලැබී ඇති අතර ඉන් 22,805 ක් පිළිගත්තා. ප්‍රතික්ෂේපිත සංඛ්‍යාව 8 139 ක්.

 

මේ අතර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මේ මස 21 වැනිදා උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරතවීමට සැළසුම් කර තිබෙනවා. මැතිවරණ කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ උතුරු ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් මුණගැසීම කොමසාරිස්වරයාගේ මෙම සංචාරයේ අරමුණ බවයි.

 

එමෙන්ම මෙවර පළාත් සභා ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට පවතින ගැටළු පිළිබඳවද එම සංචාරයේදී මැතිවරණ කොමසාරිස්වරයා එම අපේක්ෂකයන් සමග සාකච්ඡා කරනු ඇති. එමෙන්ම ඉදිරි සතිවලදී මැතිවරණ කොමසාරිස්වරයා පළාත් සභා මැතිවරණය පැවැත්වෙන සෙසු පළාත්වලද සංචාරයක නිරතවනු ඇති බවයි මැතිවරණ කාර්යාල ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

 

මේ අතර ආණ්ඩුවේ ඇමතිවරුන් විශාල සංඛ්‍යාවක් තම පක්ෂය සමග සාකච්ඡා කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය මහ ලේකම් තිස්ස අත්තනායක ප්‍රකාශ කළා. ඒ, පළාත් සභා මැතිවරණය වෙනුවෙන් මැණික්හින්නේ ඊයේ පැවති රැස්වීමක් අමතමින්.

 

[MP3]s65325_1[/MP3]

 

කෙසේ වෙතත් උක් කර්මාන්ත ප්‍රවර්ධනය වෙනුවෙන් බදුල්ලේ පැවති උත්සවයකදී අමාත්‍ය ඩිලාන් පෙරේරා වත්මන් විපක්ෂය පිළිබඳව මෙලෙස අදහස් පළ කළා.

 
[MP3]s65325_2[/MP3]