උපකාරක පන්තියක නවක වදයක්. - වීඩියෝව සමාජ වෙබ් අඩවියක.

Sunday, 18 August 2013 - 12:40

%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B1%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A.

පෞද්ගලික උපකාරක පන්තියක සිසුවෙකු දරුණු ලෙස නවක වදයට මුහුණදීමේ සිද්ධියක් පොළොන්නරුවෙන් වාර්තා වනවා. සිසුන් කිහිපදෙනෙකු විසින් අවස්ථා කිහිපයකදීම මෙලෙස නවක වදයට ලක්කළ මෙම සිසුවා ඊයේ (17) දිනයේදී අදාළ පෞද්ගලික පන්තිය පැවැත්වෙන කාලය තුළ පහර කෑමකට ලක්ව ඇති බව සඳහන්. පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ 11 වන වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවා මේ වනවිට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබනවා. තමාට පහරදුන් සිසුන් නවක වදය දෙන අවස්ථාව ජංගම දුරකථන මගින් වීඩියෝ ගතකර ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවියටද එක්කර තිබෙන බවයි සිද්ධියට මුහුණපෑ සිසුවා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

 

[MP3]s65327[/MP3]

 
පොළොන්නරුව පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් පාසල් සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත නිදහස් කර ඇති බවයි. එහිදී සමාජ ජාල වෙබ් අඩවියට මුදා හැරුණු එම වීඩියෝවද පරීක්ෂාවට ලක් කර තිබෙනවා. පොළොන්නරුව පොලිසියේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් කියා සිටියේ පැමිණිලි පාර්ශවය විසින් සිද්ධියට අදාළ සිසුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉල්ලීමක් කළහොත්, ඒ පිළිබඳව ද අවධානය යොමු කරන බවයි.