ගැමුණුට වෙඩි වැදී නැහැ.

Sunday, 18 August 2013 - 13:14

%E0%B6%9C%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.

සිතුල්පව්ව විහාරස්ථානය අවට නිරන්තරයෙන් රැඳී සිටින ගැමුණු නම් දළ ඇතා නිරුපද්‍රිතව සිටින බව සිතුල්පව්ව රාජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා. අද උදෑසන ඇතා විහාරස්ථානය අසලට පැමිණි බැතිමතුන් ලබාදුන් ආහාර පවා අනුභව කළ බවයි උන්වහන්සේ කියා සිටියේ.

 

බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුණු යාල වනෝද්‍යානයේ ගැමුණු ඇතාට කිසියම් පිරිසක් විසින් ඊයේ (17) වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව වනජීවී අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී පරීක්ෂණයක් සිදුකිරීමට වනජීවි අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බවයි ඔහු කියා සිටියේ.

 

එහෙත් විහාරස්ථානය අසල රැඳී සිටින ගැමුණු දළ ඇතාට කිසිදු හානියක් සිදුවී නොමැති බව සිතුල්පව්ව රාජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් සඳහන් කළා.

 

[MP3]s65333_1[/MP3]

 

ඒ අනුව හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව වනජීවී අමාත්‍ය විජිත් විජයමුණි සොයිසාගෙන් යළිත් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ගැමුණු නමින් හැඳින්වෙන දළ ඇතුන් දෙදෙනෙකු යාල වනයේ සිටින බවයි. ඒ පිළිබඳව අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශය සමග මෙලෙස සංවාදයක නිරත වුණා.

 
[MP3]s65333_2[/MP3]

 

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ යාල වනෝද්‍යානයේ පලටුපාන ප්‍රදේශයේදී රථවාහන පෙළක් අසලට පැමිණි ගැමුණු නමැති ඇතා ඉන් එක් වාහනයක් තුළට දළ දෙක දමා ඇති බවයි. හීලෑ ඇතෙකු වුවත්, යම් අයෙකුට අනතුරක් සිදුවීමට ඉඩ තිබූ නිසා එම ස්ථානයේ සිටි හමුදා නිලධාරියෙකු අහසට එක් වෙඩිල්ලක් තබා ඇති බව හමුදා ප්‍රකාශකවරයා අවධාරණය කළා. ඔහු තවදුරටත් කියා සිටියේ එම වෙඩිල්ල ද කිසිවෙකුටත් හානි නොවන පරිදි මුහුද දෙසට තබා ඇති බවයි. එය හුදෙක් එම ස්ථානයේ රැදී සිටි සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා ගත් පියවරක් පමණක් බවයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය සඳහන් කළේ. එසේම, ඇතාට කිසිදු හානියක් මෙහිදී සිදුවී නොමැති බවත්, ඇතා නිරුපද්‍රිතව සිටින බවත්, ඔහු සඳහන් කළා.