නිදහස් මුහුදු කලාප යෝජනාවට කොන්දේසියක්.

Sunday, 18 August 2013 - 18:45

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නිදහස් ධීවර ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව තමිල්නාඩු ධීවර එකමුතුව යෝජනා කරනවා. තමිල්නාඩු ධීවර එකමුතුවේ සභාපති ඒ.ජී. බෝස් ඉන්දියානු මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම නිදහස් ධීවර ප්‍රතිපත්තිය තුළින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ධීවරයන්ට ගැටුම්වලින් තොරව ධීවර කටයුතු සිදුකිරීම සඳහා නිදහස් ධීවර කලාපයක් ඇති කළ යුතු බවයි. එය දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සඳහා ද ඉවහල් වන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

තමිල්නාඩු ධීවර එකමුතුව සිදුකර ඇති මෙම යෝජනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්නගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ඉන්දියානු ධීවරයන් ට්‍රෝලර් යාත්‍රා උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකා මුහුදු කලාපයේ ධීවර කටයුතු සිදුකිරීම නතර කර ඉන් අනතුරුව මේ පිළිබදව සාකච්ඡා කළ හැකි බවයි.
 
[MP3]s65347[/MP3]



ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More