පහරකෑ වෙන්නප්පුව සන්ධාන මන්ත්‍රීගේ අත බද්ධ කෙරේ.

Monday, 19 August 2013 - 7:27

%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%91+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.

තියුණු ආයුධවලින් පහරකෑමට ලක්වූ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයාගේ දකුණු අත බද්ධ කිරීමට පියවර ගත් බව කොළඹ ජාතික රෝහල ප්‍රකාශ කළා. එහි ප්‍රකාශිකාවක් කියා සිටියේ රුක්මන් කොළඹගේ නැමති මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මේ වනවිට ජාතික රෝහලේ 72 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවයි. මෙම මන්ත්‍රීවරයාට වෙන්නප්පුව - ගාලවත්ත ක්‍රීඩා පිටිය අසලදී කිසියම් පිරිසක් විසින් ඊයේ (18) රාත්‍රියේදී තියුණු ආයුධවලින් පහරදී  ඇති අතර එහිදී ඔහුගේ දකුණු අත දැඩි ලෙස කැපුම් තුවාලයකට ලක්ව තිබුණා.
 
පසුව වෙන්නප්පුව රෝහලට ඇතුළත් කළ මන්ත්‍රීවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුනා. මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ.