නුවරඑළිය නියෝජ්‍ය නගරාධිපතිට විවෘත වරෙන්තු.

Monday, 19 August 2013 - 18:40

%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94.

ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති තිස්ස සෙනෙවිරත්න අත්අඩංගුවට ගන්නා ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් අද (19) විවෘත වරෙන්තුවක් නිකුත් කළා. ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කර ඇත්තේ. නුවරඑළිය මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිට එරෙහිව එල්ල වී තිබූ ළමා අපචාර චෝදනා පිළිබද ජාතික ළමාරක්ෂක අධිකාරිය මීට පෙර විමර්ශනයක් ආරම්භ කර තිබුණා. ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනී නීතිඥ අනෝමා දිසානායක කියා සිටියේ සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයාට එරෙහිව ළමා අපචාර සම්බන්ධයෙන් පැමිණිලි 3ක් ඉදිරිපත්ව තිබූ බවයි. එමෙන්ම නුවරඑළියේ සහ රාගල පොලිස් ස්ථාන වෙත ද නියෝජ්‍ය නගරාධිපතිවරයාට එරෙහිව පැමිණිලි 3ක් ඉදිරිපත්ව තිබුණා.

 

නියෝජ්‍ය නගරාධිපතිවරයාගෙන් අපයෝජනයට ලක්වූ බව කියන ළමයින්ගේ දෙමාපියන් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට පසුගිය දා අදහස් පළ කළේ මෙලෙසයි.

 

[MP3]s65408_1[/MP3]                                      

 

මේ අතර, පෙරහරක් පෙන්වීමට යැයි පවසා රැගෙන ගොස් දූෂණය කර ඝාතනය කර තිබූ දියතලාව - ඇල්ලගම ප්‍රදේශයේ පදිංචි 8 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් අද (19) අලූයම හමුවී තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරෙන දැරියගේ පවුලේම හිතවතෙකු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

 

සමාජය තුළ මෙවැනි සිදුවීම් වාර්තාවීමට හේතු වන සමාජ විද්‍යාත්මක පසුබිම පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය එච්.එම්.බී.ආර්. හේරත්ගෙන් විමසා සිටියා.


[MP3]s65408_2[/MP3]