ඇමති ජී.එල්.ගෙන් ඉන්දීය අගමැතිට සහතිකයක්.

Tuesday, 20 August 2013 - 7:44

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ඉන්දු ලංකා ගිවිසුමට වටිනාකමක් දෙමින් 13 වන සංශෝධනය සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු ඉදිරියට ගෙන යාමට ලක් රජය බලාපොරොත්තු වන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං සමග ඊයේ (19) පැවැති ද්වි පාර්ශවීය හමුවේදී විදේශ අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ. දෙමළ භාෂාවට නිසි තැනක් ලබාදෙමින් සංස්කෘතික සහ දේශපාලනික වටිනාකමක් නිර්මාණය කර ඇති බව ඇමති ජී.එල්. පීරිස් එහිදී පෙන්වා දී තිබෙනවා. මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් අතර පැවැති සාකච්ඡාවේදී තමිල්නාඩු සහ ශ්‍රී ලංකා ධීවර ගැටළු සම්බන්ධයෙන් ද සාකච්ඡා වුණා. මෙම ගැටළුව සම්බන්ධයෙන් ප්‍රායෝගික විසදුමක් කඩිනමින් ලබා දිය යුතු බවටයි දෙදෙනාම එකඟ වී ඇත්තේ. විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ඊයේ (19) මුණ ගැසුණේ ලබන නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා නිළ ආරාධනය සිදුකිරීමටයි.

 

මේ අතර, 23 වන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ලබන නොවැම්බර් මස 10 වන දා කොළඹ දී පැවැත්වීමට නියමිතයි. පසුගිය වසර 24ක කාලය ඇතුළත දකුණු ආසියානු රටක මෙම සමුළුව ප්‍රථම වරට පැවැත්වෙන අතර ඊට සහභාගි වන ලෙස රටවල් 54කට ශ්‍රී ලංකාව ආරාධනා කර තිබෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන එම සමුළුවේ මාධ්‍ය ප්‍රකාශිකා අනුරාධා කේ. හේරත්.

 
[MP3]s65427[/MP3]



ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More