දියතලාව දැරිය මැරූ සැකකරු අත්අඩංගුවට.

Thursday, 22 August 2013 - 12:42

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

දියතලාව - ඇල්ලේගම ප්‍රදේශයේදී 8 හැවිරිදි දැරියක් දූෂණය කොට ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ රාත්‍රියේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු දියතලාව - ජයමිණිපුර ප්‍රදේශයේ සිය මිතුරෙකුගේ නිවසේ රැඳී සිටියදී ඊයේ රාත්‍රියේ දියතලාව පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගැනුනා.

 

පසුගිය 18 වැනිදා රාත්‍රියේ පෙරහැරක් බැලීමට යයි පවසා සැකකරු මෙම දැරිය කැඳවාගෙන ගොස් තිබුණා. අනතුරුව දැරිය නැවත නොපැමිණීම හේතුවෙන් දැරියගේ දෙමාපියන් මේ පිළිබඳව පොලීසිය වෙත පැමිණිලි කළා. ඉන් අනතුරුව සිදුකළ සොයාබැලීමකදියි දූෂණය කර ඝාතනය කර තිබූ  දැරියගේ මළ සිරුර සැකකරුගේ නිවස ආසන්නයේ පිහිටි කැලෑ ප්‍රදේශයක තිබියදී හමුවුණේ. එම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණේ ඇල්ලගම කණිෂ්ඨ විද්‍යාලයේ තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 8 හැවිරිදි ඉරේෂිකා සත්සරණි නැමති දැරියයි. සිද්ධියෙන් අනතුරුව සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් තිබුණා.

 

පසුගියදා ළමා අපචාර කිහිපයක් සම්බන්ධයෙන් නුවරඑළිය නියෝජ්‍ය නගරාධිපතිවරයාටද චෝදනා එල්ලවුණා. සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයා දුටුතැන අත්අඩංගුවට ගන්නා ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කළා. එහෙත් සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

 

 

මේ අතර මෙවැනි ළමා අපයෝජන සිදුකරන පුද්ගලයන්ට එරෙහිව මරණීය දණ්ඩනය සහ බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කරන ලෙස ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යාංශය නීතිපති දෙපාර්තමේන්තුවෙන් නැවත ඉල්ලීමක් කර තිබෙනවා. මීට මාස 6 කට පෙරද තම අමාත්‍යාංශය නීතිපති දෙපාර්තමේන්තුවෙන්  ඉල්ලීමක් කළ බවද විෂයභාර අමාත්‍ය තිස්ස කරලියද්ද ප්‍රකාශ කළා. කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළ වාර්තාවූ ළමා අපචාර සිද්ධීන් හේතුවෙන් යළිත් මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුකළ බවයි ඔහු කියා සිටියේ.

 
[MP3]s65593[/MP3]