ගම්පහ කොල්ලයේ වෑන් රථයත් හමුවෙයි.

Saturday, 24 August 2013 - 18:44

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ගම්පහ පිහිටි වාහන ලීසිං සහ රන්බඩු උකස් ආයතනයක පසුගිය 21 වැනිදා දහවල් සිදුවූ කොල්ලයට යොදා ගත් වෑන් රථය ද පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. නෙළුව - හප්පිටිය ප්‍රදේශයේ නිවසක තිබී මෙම වෑන් රථය සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ. කොල්ලයට සම්බන්ධ එක් සැකකරුවෙකු ඊයේ (23) අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ලද තොරතුරකට අනුව මෙම වෑන් රථය සොයා ගෙන තිබෙනවා. ඔහු නෙලූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මෙම කොල්ලයේදී රුපියල් එක්කෝටි 68 ලක්ෂයක පමණ රන් භාණ්ඩ සහ රුපියල් 11 ලක්ෂයක මුදල් කොල්ල කා තිබුණා.