මහනුවර දී සන්ධාන ආධාරකරුවෙකුගේ නිවසකට වෙඩි.

Sunday, 25 August 2013 - 19:03

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92.

පළාත් සභා මැතිවරණයට අදාළව මැතිවරණ මහලේකම් කාර්යාලයට ලැබී තිබෙන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව 196 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පැමිණිලි 176ක් මැතිවරණ නීති උල්ලංගණය කිරීම් වන අතර, ඉතිරිය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති පැමිණිලි භාර ගැනීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වන්නේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 46ක්. ඊට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයෙන් ද මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 19ක් ලැබී තිබෙනවා. මධ්‍යම පළාතේ මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලින් මැතිවරණ නීති උල්ලංගණය කිරීම් 30 බැගින් වාර්තා වී ඇති අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්  ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 25ක්. අඩුම පැමිණිලි සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇත්තේ උතුරු පළාතෙන්. යාපනය දිස්ත්‍රික්කයෙන් මැතිවරණ නීති උල්ලංගණය කිරීම් 17ක් ද, මුලතිව් දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 4ක් සහ කිලිනොච්චිය, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලින් පැමිණිලි 2 බැගින් මැතිවරණ මහලේකම් කාර්යාලයට ලැබී තිබෙනවා.

මේ අතර, මැතිවරණ රැස්වීමක් පැවැත්වීමට සූදානම් කර තිබූ මහනුවර - උඩපේරාදෙණිය ප්‍රදේශයේ නිවසකට වාහන දෙකකින් පැමිණි කිසියම් පිරිසක් අද (25) අලූයම වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.  


මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් ආසන සංවිධායක සහ පළාත් සභා අපේක්ෂක තිලිණ තෙන්නකෝන්ගේ ආධාරකරුවෙකුගේ නිවසකට බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියා. වෙඩි තැබීමෙන් නිවසේ බිත්තිවලට හානි සිදුවී ඇති අතර, මැතිවරණ රැස්වීම සඳහා භාණ්ඩ රැගෙන පැමිණි ලොරි රථයකට ද වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබෙනවා. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී අදාළ නිවසේ නිවැසියන් රැදී සිට ඇති නමුත් ඉන් කිසිවෙකුටත් හානි සිදුවී නැහැ. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් වාර්තා වී නොමැති අතර, ඒ පිළිබදව පරීක්ෂණ සිදුකරන බවයි පේරාදෙණිය පොලීසිය ප්‍රකාශ කළේ. වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී අදාළ නිවසේ රැදී සිටි පුද්ගලයෙකු සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දක්වා සිටියා.
 
[MP3]s65833[/MP3] 



SF ලොක්කා ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග
Wednesday, 05 August 2020 - 19:16

අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා... Read More

සමස්ත මැතිවරණයේ ඡන්ද ප්‍රකාශය සියයට 71ක්
Wednesday, 05 August 2020 - 18:52

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රකාශය සියයට 71ක් බව මැතිවරණ... Read More

ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණි කාන්තාවක් ඡන්ද පොළේදී මිය යයි
Wednesday, 05 August 2020 - 18:20

මිනුවන්ගොඩ, අලුතැපොල - වලගම්බා මහා විද්‍යාලයේ පැවති ඡන්ද... Read More