මම ආවේ විවේචනයට නොවේ. නවිපිල්ලේ කියයි.

Monday, 26 August 2013 - 7:40

%E0%B6%B8%E0%B6%B8+%E0%B6%86%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.+%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

තමන් ශ්‍රී ලංකාවට පැමිණියේ විවේචනයන් සිදුකිරීමට නොවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් නවනීදන් පිල්ලේ පවසනවා. දින 7ක නිළ සංචාරයක් සඳහා ඊයේ පෙරවරුවේ මහකොමසාරිස්වරිය ඇතුළු තවත් නියෝජිතයන් සිව් දෙනෙකු දිවයිනට පැමිණියා. අනතුරුව එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඇයව පිළිගැනීමට විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබුණා. මේ ඒ අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ මානව හිිමිකම් පිළිබද මහකොමසාරිස් නවනීදන් පිල්ලේ.

[MP3]s65849_1[/MP3]

දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් නවනීදන් පිල්ලේ අද දිනයේ නිළ වශයෙන් සිය කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව ඇය අද පෙරවරුවේ අගවිනිසුරුවරයා සහ අධිකරණ හා ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යවරුන් හමුවීමට නියමිත බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ප්‍රකාශ කළේ. අනතුරුව ඇය ඉදිරි දින කිහිපය තුළ දී උතුරු - නැගෙනහිර පළාත්වලද සංචාරයකට එක්වීමට ද නියමිත අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද සාකච්ඡා කිරීමට නියමිත බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසන්නේ. එමෙන්ම ලබන 30වන දා දෙමළ ජාතික සන්ධානයේ  නියෝජිතයන් ද ඇය හමුවීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් නවනීදන් පිල්ලේ සිය සංචාරයේ දී සිදුකරන නිරීක්ෂණයන්ට අනුව ලබන සැප්තැම්බරයේ දී රැස්වන මානව හිමිකම් කොමිසම ඉදිරියේ දේශනයක් පැවැත්වීමට නියමිතයි. ඊට අමතරව ලබන මාර්තු මස ඇය ලිඛිතව වාර්තාවක් ද ඉදිරිපත් කිරීමට නියමිත අතර, එය අනුකූල වන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාවටයි.
 
කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ සංචාරය තුළින් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම කුමක් දැයි හිටපු රාජතාන්ත්‍රිකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලකගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා.

[MP3]s65849_2[/MP3]