ඉන්දියාව ආහාර සුරක්ෂිතතා පනත සම්මත කරයි.

Tuesday, 27 August 2013 - 8:41

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.



සිය ජනගහනයෙන් තුනෙන් දෙකකට සහනදායී මිලට ආහාර ලබාදීම සඳහා කොංග්‍රස් රජය ඉදිරිපත් කළ ආහාර සුරක්ෂිතතා පනත ඉන්දීය පාර්ලිමේන්තුවේදී ඊයේ (26) සම්මත වුණා. එම පනතට අනුව මිලියන 800ක් වූ දුප්පත් ඉන්දියානුවන්ට මසකට ධාන්‍ය කිලෝග්‍රෑම් 5ක් ලබාදීමට නියමිතයි. ඉන්දියාව පුරා පැතිරුණු සාගින්න සහ මන්දපෝෂණය දුරලීම එහි අරමුණ බව කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි ලෝක් සභාව අමතමින් ප්‍රකාශ කළා. ඇය මෙම පියවර හැදින්වූයේ ජනතාව සවි බල ගැන්වීමේ විප්ලවයක් ලෙසයි. කෙසේ නමුත් පනත පිළිබද ඡන්ද විමසීමට ඇය සහභාගි නොවූයේ හදිසියේ රෝගාතුරවීම නිසයි. සෝනියා සිය රාහුල් පුතු සමඟ පාර්ලිමේන්තුවෙන් නික්මී රෝහලේ පැය 5ක් ගත කිරීමෙන් අනතුරුවයි නිවස බලා ගොස් ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories