ජපානය සමග සාකච්ඡා නැහැ. චීනය කියයි.

Tuesday, 27 August 2013 - 16:29

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

අර්බුදකාරී දූපත් සම්බන්ධයෙන් ජපානය සමග සාකච්ඡා කිරීමට සූදානම් නැතැයි චීනය අද ප්‍රකාශ කළා. ලබන සතියේ රුසියාවේ පැවැත්වෙන ජී 20 සමුළුවේදී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බව ජපාන බලධාරීන් පසුගියදා ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් චීනය සඳහන් කරන්නේ ජපානය සමග දූපත් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු නොවන බවයි. පසුගියදා චීන යුද නෞකා 5 ක් ජපාන මුහුදු සීමාවේ ගමන් කිරීමත් සමග දුපත් කිහිපයක් සම්බන්ධයෙන් දෙරට අතර ඇතිව තිබෙන අර්බුදය යළි මතුවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories