නවිපිල්ලේ යන මග උද්ඝෝෂණ දෙකක්.

Tuesday, 27 August 2013 - 19:05

%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B8%E0%B6%9C+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A.

තමන් පැමිණ සිටින්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සෙවීමට පමණක් බව ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ පවසනවා. ඇය මේ බව සඳහන් කළේ අද යාපනය පුස්තකාලයට පැමිණීමෙන් පසු එහි පැවති රැස්වීමකදී අදහස් දක්වමින්. සත් දින නිල සංචාරයකට දිවයිනට පැමිණ සිටින කොමසාරිස්වරිය අද දිනයේදී උතුරු පළාතේ සංචාරයක නිරතවුණා. ප්‍රථමයෙන් කොමසාරිස්වරිය උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයට පැමිණ උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි හමුවී තිබෙනවා. එහිදී උතුරු පළාතේ සිදුකෙරෙන සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව පළාත් ආණ්ඩුකාරවරයා විසින් මහ කොමසාරිස්වරිය දැනුවත් කර ඇති බව සඳහන්.

නවනීදන් පිල්ලේ ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයට පැමිණෙන අවස්ථාවේදී එම ස්ථානයේදි විරෝධතාවයක්ද පැවැත්වුණා. විරෝධතාවයට එක්වූවන් සඳහන් කළේ යුද්ධය පැවති සමයේ එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් තම ඥාතීන් පැහැරගෙන ඇති බවයි. මෙම විරෝධතාවය සංවිධාන කර තිබුණේ අතුරුදන්වූවන්ගේ දෙමව්පිය එකමුතුව සංවිධානය විසින්. මේ එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ ලේකම් එච්.කේ.ඞී. චන්ද්‍රසෝම.

[MP3]s65984_1[/MP3]                               

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවූ ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ ඉන් අනතුරුව යාපනය මහජන පුස්තකාලයේ පැවති රැස්වීමකටද සහභාගි වුණා. එහිදී උතුරු පළාතේ සිදු කෙරෙන සංවර්ධන කටයුතුවල ප්‍රගතිය පිළිබඳව එම පළාතේ රාජ්‍ය නිලධාරීන් විසින් මානව හිමිකම් කොමසාරිස්වරිය දැනුවත් කර තිබෙනවා. ඇය මහජන පුස්තකාලයට පැමිණෙන විට එම ස්ථානයේද විරෝධතාවයක් පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ විරෝධතාකරුවෙක්.

[MP3]s65984_2[/MP3]                            

කෙසේ වෙතත් යාපනය මහජන පුස්තකාලයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් අදහස් දැක්වූ ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ කියා සිටියේ උතුරු පළාතේ සංවර්ධන කටයුතු තමන් නිරීක්ෂණය කළ බවයි.

අනතුරුව ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ යාපනය පිහිටි එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයට ද පැමිණියා. පසුව ඇය යාපනය දිස්ත්‍රික්කයේ සිවිල් සංවිධාන සහ ප්‍රදේශවාසීන් සමග කථාබහකද නිරතවුණා. කිලිනොච්චි නගරයේ පිහිටා තිබෙන ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂන චාරිකාවකට ඇය එක්වුණේ ඉන් අනතුරුවයි.

කෙසේ වෙතත් ඇය අවසානයේ මානුෂීය මෙහෙයුමේ අවසන් අදියර ක්‍රියාත්මක වූ නන්දිකඩාල් කලපුව ආශ්‍රිත ප්‍රදේශයද නිරීක්ෂණය කළා. එම ස්ථානයේ සිටි අප වාර්තාකරු ප්‍රකාශ කළේ මානව හිමිකම් කොමසාරිස්වරිය එම ප්‍රදේශයේ ජනතාව සමග දීර්ඝ වේලාවක් සාකච්ඡා කළ බවයි.

මේ අතර නවනීදන් පිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී මෙන්ම විවිධ උත්සවවලදීද අදහස් පළ වුණා.

දෙමළ ජාතික සන්ධානය නවනීදන් පිල්ලේ හරහා වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ සිහිනය වූ ඊළාම් රාජ්‍ය නිර්මාණය කිරීමට උත්සාහ දරන බවට චෝදනා කළේ ජාතික නිදහස් පෙරමුණයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසින්.

[MP3]s65984_3[/MP3]                                  

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ සංචාරය සම්බන්ධයෙන් ඊයේ පැවති උත්සවයකදී මෙලෙස අදහස් පළ කළා.

[MP3]s65984_4[/MP3]                                    

මේ අතර මරදානේ අද පැවති උත්සවයකට එක්වෙමින් මහජන කටයුතු සහ මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා ද මානව හිමිකම් කොමසාරිස්වරිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අමතක කළේ නැහැ.

[MP3]s65984_5[/MP3]      



පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More

ඡන්ද විමසීම නිමා වීමට තවත් පැය 3යි - මධ්‍යහ්නය වනවිට වැඩිම ඡන්ද ප්‍රතිශතය මොණරාගලින්
Wednesday, 05 August 2020 - 14:34

මහමැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වීමට තවත් පැය 3ක කාලයක් ඉතිරි... Read More

මහ මැතිවරණයේ පැෆ්රල් නිරීක්ෂණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 14:35

ඡන්ද විමසීමේ සමස්ත ක්‍රියාවලිය මේ වනවිට ප්‍රශස්ත මට්ටමකින්... Read More