ඇමරිකානු තානාපතිවරිය, මාදුළුවාවේ සෝභිත හිමියන් හමුවෙයි.

Thursday, 29 August 2013 - 8:12

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%9D%E0%B6%B7%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ඇමරිකානු තානාපතිවරිය හා පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන් අතර හමුවක් සිදුවී තිබෙනවා. ඇමරිකානු තානාපති මිෂෙල් සිසොන් තමන් හමුවීමට කෝට්ටේ නාග විහාරයට පැමිණි බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සඳහන් කළේ. උන්වහන්සේ කියා සිටියේ මෙම හමුවීම පෞද්ගලික හේතූන් මත සිදුවූවක් බවයි. සෝභිත හිමියන්, තමන් වහන්සේගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද තානාපතිවරිය දැනුවත් කර තිබෙනවා. මීට අමතරව රටේ  උද්ගතවී ඇති සිද්ධීන් සම්බන්ධයෙන්ද එම සාකච්ඡාවේදී අවධානය යොමුවූ බවයි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වුවත් මෙම හමුව සම්බන්ධයෙන් ඇමරිකානු තානාපති කාර්යාලය විසින් කිසිදු නිල ප්‍රකාශයක් මෙතෙක් සිදුකර නැහැ.