ලක්ෂ 31 ක රන්බිස්කට් තොගයක් රේගු දැලේ.

Friday, 30 August 2013 - 7:42

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+31+%E0%B6%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A.



 

 
නීතිවිරෝධීව සිරුරේ සගවාගෙන රන් බිස්කට් තොගයක් ගුවනින් ගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු ගුවන්තොටුපල රේගුව ඊයේ (29) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ 11.45 ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 141 ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි බලා පිටත්වීමට සූදානම්ව සිටියදී මොහුගේ් හැසිරීමේ වෙනසක් දුටු රේගු නිලධාරින් ඔහු පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී මෙම පුද්ගලයාගේ ගුද මාර්ගයේ උපත් පාලන කොපුවක ආධාරයෙන් සගවාගෙන සිටි ග්‍රෑම් 621 ක බරකින් යුත්, රන් බිස්කට් 3 ක් හමුවූ බව සඳහන්. අත්අඩංගුවට ගනු ලැබූ රත්රන් තොගයේ මුළු වටිනාකම ලක්ෂ 31 ක් බව රේගුව සඳහන් කළා. මොහු 30 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයෙක්. ගුවන්තොටුපල රේගුව මේ වනවිට රන් බිස්කට් තොගය රාජසන්තක කර ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයා රුපියල් ලක්ෂයක දඩ මුදලක් මත නිදහස් කර තිබෙනවා.