කච්චතිව් ශ්‍රී ලංකාවට පාවා දුන්නේ නැහැ. - ඉන්දීය රජය.

Saturday, 31 August 2013 - 12:45

%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA.

කච්චතිව් දූපත ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පාවා දෙන ලද්දක් නොවන බව ඉන්දීය රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (30) දැනුම් දුන්නා. එය ශ්‍රී ලංකාව වෙත පවරා දුන් ඉන්දීය ප්‍රදේශයක් ලෙස හැදින්විය නොහැකි බවයි ඉන්දීය රජයේ නීතිපති අංශ එහිදී පෙන්වා දුන්නේ. කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගන්නා ලෙස ඉල්ලා තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බලනු ලැබූ අවස්ථාවේදි ඔවුන් මෙම අදහස ඉදිරිපත් කළා. ජයලලිතා ජයරාම් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම මගින් ප්‍රකාශ කර ඇත්තේ කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට තහවුරු කර දෙමින් 1974 සහ1976 වසරවලදී ඇති වූ ඉන්දු - ලංකා ගිවිසුම් ව්‍යවස්ථානුකූල නොවන බවයි. කෙසේ නමුත් ඉන්දීය රජයේ නීතිඥවරුන් පෙන්වා දුන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යුගයේ ඉන්දියාව සහ එවකට සිලෝන් ලෙස හැදින්වුණු ශ්‍රී ලංකාව අතර නිශ්චිත මුහුදු සීමාවක් නොපැවති බවයි. ඓතිහාසික සාධක, නීතිමය ප්‍රතිපාදන ඇතුළු සියලූ අංශවලින් සලකා බලා කච්චතිව් දූපත සම්බන්ධයෙන් 1976 වසරේ ඇති කර ගත් එකඟතාව ඉන්දියාවේ ස්ථාවරය බවයි ඔවුන් කියා සිටියේ.



2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අවසන්
Wednesday, 05 August 2020 - 17:01

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

එස්.එෆ්. ලොක්කාට වෙඩි තබන විට අනෙක් අසුනේ සිටිය පෙම්වතිය
Wednesday, 05 August 2020 - 16:52

අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා... Read More

පෙරවරු 6 සිට දහවල් 11 දක්වා මැතිවරණ පැමිණිලි 421ක්
Wednesday, 05 August 2020 - 16:24

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව... Read More