විපක්ෂය දුර්වල කළේ ජනතාවයි. JVP

Sunday, 01 September 2013 - 8:04

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%92.+JVP

දේශපාලනයේදී ප්‍රකාශ නොකරන විරෝධයෙන් ඵලක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ විපක්ෂය දුර්වල වීමේ වගකීම ජනතාව භාරගත යුතු බවයි.

[MP3]s66259_1[/MP3]                                                

මේ අතර, නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සුනඛ විවාහයන් සම්බන්ධයෙන් අදහස් පළ කළා.

[MP3]s66259_2[/MP3]                                                     

ආණමඩුවේ පැවති ජනහමුවකදී සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය දරුවන්ගේ අනාගතය ගැන කතා කිරීම විහිළුවක් බවයි.

[MP3]s66259_3[/MP3]                                      

මේ අතර වයඹ පළාත් සභා මැතිවරණයට තරඟ වදින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකුගේ ආධාරකරුවෙකුට කිසියම් පිරිසක් විසින් ඊයේ පහරදී තිබෙනවා. හලාවත - කුමාරකට්ටුව ප්‍රදේශයේදී පෝස්ටර් අලවමින් සිටි මෙම පුද්ගලයාට යතුරු පැදි 3 කින් පැමිණි පිරිසක් තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඔහු හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

[JPG]s66259[/JPG]