නවිපිල්ලේගේ ප්‍රකාශයන්ට ලක් රජයෙන් ප්‍රතිචාර.

Monday, 02 September 2013 - 8:34

%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB.



ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ සිය මුලික රාමුවෙන් පිට කටයුතු කර ඇති බව ලක් රජය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇය සිවිල් සංවිධානයක නියෝජිතවරියක් පමණක් බවයි. ඒ අනුව ඇයට අත්තනෝමතික ප්‍රකාශ සිදුකළ නොහැකි බවද රජය අවධාරණය කරනවා. නවනීදන් පිල්ලේ සිය සත් දින ශ්‍රී ලංකා සංචාරය නිම කරමින් පසුගිය අගෝස්තු 31 වැනිදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශ පදනම් කරගනිමින් රජය මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය හමුවේදි ඇය ප්‍රකාශ කර ඇත්තේ ලංකාව අධිකාරී බලයක් කරා ගමන් කරමින් ඇති බවයි. එය දේශපාලනික ප්‍රකාශයක් බව රජයේ අදහසයි. මෙම සංචාරයේදී නිදහසේ පුද්ගලයන් හමුවීම සඳහා නවනීදන් පිල්ලේට අවස්ථාව හිමිවූ බවද එම නිවේදනයේ සඳහන්. ඒ අනුව ඇය, උතුරු - නැගෙනහිර ප්‍රදේශ ඇතුලූ දිවයිනේ සිදුව ඇති සංවර්ධනය සියැසින් දැකගත් බවද රජය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. ශ්‍රී ලංකාවේ නායකත්වය පිළිබඳ තීරණ ගතහැක්කේ එහි ජනතාවට පමණක් බව අවධාරණය කරන ලක් රජය පිටස්තර පාර්ශවයන්ට ඒ පිළිබඳ තීරණයක් ගත නොහැකි බවද මෙම නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2151 දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 16:29

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2151 දක්වා ඉහළ... Read More

පළාත් කිහිපයකට අකුණු සහිත වැසි
Thursday, 09 July 2020 - 16:03

නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම, ඌව, වයඹ සහ සබරගමුව පළාත්වල ඉදිරි... Read More

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 57කට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළිවෙයි
Thursday, 09 July 2020 - 15:30

කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි... Read More