මවක් දරුවන් තිදෙනාත් සමග කෑගල්ලේ විරෝධතාවක.

Monday, 02 September 2013 - 12:34

%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%9A%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A.

කෑගල්ල පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිට කාන්තාවක් සහ දරුවන් තිදෙනෙකු අද (02) උදෑසන සිට විරෝධතාවයක නියැලෙනවා. මෙසේ විරෝධතාවයේ යෙදෙන්නේ කෑගල්ල - පින්නවල ප්‍රදේශයේ පදිංචි මවක් සහ ඇගේ කුඩා දරුවන් තිදෙනායි. කෑගල්ල පොලීසිය අනුයුක්තව සේවය කරන තම ස්වාමිපුරුෂයා අනියම් සබඳතාවයක් පවත්වාගෙන යෑම හේතුවෙන් තමන් ඇතුළු දරුවන් තිදෙනා දුෂ්කරතාවයකට පත්ව ඇති බවයි විරෝධතාවයේ නියැලූණු එම කාන්තාව හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. තමන් මේ පිළිබඳව රඹුක්කන පොලීසියට පැමිණිලි කළද නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් කෑගල්ල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවා දැනුවත් කළ බවයි ඇය සඳහන් කළේ.

[MP3]s66335[/MP3]


මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය රඹුක්කන පොලීසියෙන් විමසීමක් කළා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ පිළිබඳව පැමිණිල්ලක් ලැබී ඇති අතර අදාළ පොලිස් නිලධාරියා මේ වනවිට කෑගල්ල පොලීසියේ සේවය කරන බවයි. හිරු ප්‍රවෘත්ති අංශය කෑගල්ල පොලීසියෙන්ද විමසීමක් කළා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ පොලිස් නිලධාරියා පසුගිය දින දහයක පමණ සිට සේවයට වාර්තා කර නොමැති බවයි.