ඡන්ද වැඩට රාජ්‍ය සේවකයන් 40 000 ක්. පොලීසියෙන් 7000 ක්.

Monday, 02 September 2013 - 12:38

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%A7+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+40+000+%E0%B6%9A%E0%B7%8A.+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+7000+%E0%B6%9A%E0%B7%8A.

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණයේ රාජකාරි කටයුතු සඳහා 40 000 ක රාජ්‍ය සේවකයන් පිරිසක් යොදාගැනීමට නියමිත බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්   එම්. එම්. මොහොමඞ් පවසනවා. ඔහු කියා සිටියේ ඡන්ද පොළ රාජකාරි කටයුතු සඳහා       7 000 ක පොලිස් බල ඇණියක් යොදාගන්නා බවයි. ඊට අමතරව තවත් පොලිස් නිලධාරීන් පිරිසක් ජංගම මුර සංචාර සඳහා ද යොමුකර ඇති බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ලබන සැප්තැම්බර් 21 වන දා පැවැත්වෙන උතුරු, මධ්‍යම, වයඹ පළාත් සභා මැතිවරණය මේ වනවිට උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් දේශපාලන වේදිකාවේ විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන් තම ජයග්‍රහණය වෙනුවෙන් පළ කරන අදහස් ඇතුළත් මැතිවරණ උණුසුම විශේෂාංගය අද සිට ඔබ වෙත ගෙන එනවා.

 

[MP3]s66336[/MP3]