ප්‍රංශය, සිරියාවට අනතුරු අඟවයි.

Tuesday, 03 September 2013 - 7:59

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%2C+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9F%E0%B7%80%E0%B6%BA%E0%B7%92.



පසුගිය මාසයේ දමස්කස් නුවර දී රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළේ සිරියානු රජය මිස අන් කිසිවෙකු නොවන බව ප්‍රංශය පවසනවා. ප්‍රංශ අග්‍රාමාත්‍ය ජෝන් මාග් කියා සිටියේ පසුගිය අගෝස්තු 21 වන දා එල්ල වූ එම ප්‍රහාරය සඳහා රසායනික අවි විශාල ප්‍රමාණයක් යොදාගෙන ඇති බවයි. එහිදී පුද්ගලයන් 281 දෙනෙකු මිය ගොස් ඇති බව ප්‍රංශ අගමැතිවරයා කියා සිටියා. රසායනික අවි ප්‍රහාරය මුල් කරගෙන සිරියාවට එරෙහිව යුධමය ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සමග එක්වීමට ප්‍රංශය සූදානම්. එහෙත් එවැනි බ්‍රිතාන්‍ය ප්‍රයත්නයක් එරට පාර්ලිමේන්තුව විසින් වළක්වනු ලැබුවා. මේ අතර සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ප්‍රංශ පුවත්පතක් වන ලේ - ෆිගරෝ වෙත අදහස් දක්වමින් සිය රජයේ හමුදා රසායනික අවි ප්‍රහාරයක් එල්ල නොකළ බව යළි අවධාරණය කළා. සිය රටට එරෙහි යුධමය ක්‍රියාමාර්ගයක් කලාපීය යුද්ධයක් බවට වර්ධනය වනු ඇති බවටයි ඔහු අනතුරු ඇගවූයේ.