හීලෑ අලි ලියාපදිංචියට පොදු සමා කාලයක්.

Tuesday, 03 September 2013 - 12:40

%E0%B7%84%E0%B7%93%E0%B6%BD%E0%B7%91+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

නීතිවිරෝධී ලෙස ළඟ තබාගෙන සිටින අලි පැටවුන් වනජීවි දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා පොදු සමා කාලයක් ලබාදීමට වනජීවි සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. වනයෙන් අල්ලා ගත් අලි පැටවුන් විශාල සංඛ්‍යාවක් ඇතැම් පුද්ගලයන් විසින් ළඟ තබාගෙන ඇති බවට හිරු ප්‍රවෘත්ති අංශය මගින් ද මීට පෙර කරුණු අනාවරණ කළා. කොළඹ අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විෂය භාර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා කියා සිටියේ මෙම අලි පැටවුන් ලියාපදිංචි කිරීමේදී රුපියල් ලක්ෂ 10ක මුදලක් ද අය කිරීමට තීරණය කර ඇති බවයි.

 

[MP3]s66400_1[/MP3]                                                          

 

හිරු ප්‍රවෘත්ති අංශය මගින් අනාවරණ කළ  වනජීවි දෙපාර්තමේන්තුව සතුව තිබී නැති වූ අලි පොත ද මෙතෙක් හමුවී නැහැ. අද (03) පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව මේ මස 29 වන දා එළිදැක්වීමට නියමිත බවයි.

 
[MP3]s66400_2[/MP3]