මුස්ලිම් අන්තවාදය ගැන ආරක්ෂක අංශ අවධානයෙන්.

Tuesday, 03 September 2013 - 19:05

%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.

විදෙස් රටවල සිටින ඇතැම් මුස්ලිම් අන්තවාදීන් ශ්‍රී ලංකාව තුළද මුස්ලිම් අන්තවාදය ගොඩනැගීමට පසුගිය කාලය තුළ උත්සාහ කළ බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඒ, පශ්චාත් යුද සමයෙන් පසු ශ්‍රී ලංකාව - අභියෝගයන් සහ කලාපීය ස්ථාවරත්වය යන තේමාව යටතේ කොළඹදී අද (03) ආරම්භවුණු ආරක්ෂක සමුළුව අමතමින්.

[MP3]s66424_1[/MP3]                 

සමුළුවේ ආරම්භක දේශනය කරමින්  වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව, ජාත්‍යන්තර සංවිධාන සිය මතයට හරවා ගැනීමට සමත්වී ඇති බවයි. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකා සංචාරය එහි ප්‍රතිඵලයක් බවද ඔහු අවධාරණය කළා. ශ්‍රී ලංකාව සහ චීනය අතර තිබෙන බැඳීම ඇතැම් රටවල් වැරදි අයුරින් අවබෝධ කරගෙන ඇති බවයි ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් කියා සිටියේ. එහෙත් එය රාජතාන්ත්‍රික සහ ආර්ථික සබඳතා මත පමණක් පදනම් වී ඇති බව ඔහු සඳහන් කළා.

ආරක්ෂක සමුළුවේ පළමු දිනය වූ අද එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගයි. එහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා කියා සිටියේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසන් වාර්තාව යනු ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වීමෙන් පසු ගැටළු විසඳීමට අප විසින්ම සොයාගත් ක්‍රමවේදයක් බවයි.  

[MP3]s66424_2[/MP3]              

ඇතැම් දෙමළ අන්තවාදී පිරිස් යළි ශ්‍රී ලංකාව තුළ බෙදීමක් ඇති කිරීමට උත්සාහ කරමින් සිටින බව ආරක්ෂක සමුළුව අමතමින් අදහස් දැක්වූ යුද හමුදාපති ලූතිනන් ජනරාල් දයා රත්නායක ප්‍රකාශ කළා.

[MP3]s66424_3[/MP3]    

මේ මස 5 වැනිදා දක්වා පැවැත්වෙන ආරක්ෂක සමුළුව කථිකයන් 23 දෙනෙකු විසින් ඇමතීමට නියමිත අතර චීනය, එංගලන්තය, ජර්මනිය, ඉන්දියාව ඇතුළු රටවල් රැසක නියෝජිතයන් ඊට එක්වනවා. කොළඹ සිටින විදේශ තානාපතිවරු සහ සම්බන්ධීකාරකවරුන්ද සමුළුවට එක්වීම විශේෂත්වයක්.