රජයේ ආයතනයක් කප්පම් ගන්නවා. - ආරක්ෂක ලේකම්වරයාට පැමිණිල්ලක්.

Wednesday, 04 September 2013 - 7:20

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් බස් සමාගම්වලින් කප්පම් ලබා ගැනීම පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා ලිඛිතව දැනුවත් කිරීමට පියවර ගත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. මෙලෙස දිනකට රුපියල් ලක්ෂ 04 ක පමණ මුදලක් කප්පම් වශයෙන් එම කොමිසමේ නිලධාරීන් ලබා ගන්නා බවයි එහි සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

[MP3]s66437[/MP3]


මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධනගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සිදුකරන මෙවැනි චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශ සිදු කිරීමෙන් පළක් නොවන බවයි.