T.N.A බලතල ඉල්ලීම රට අර්බුදයකට ගෙන යාමක්. - රජය.

Wednesday, 04 September 2013 - 12:43

T.N.A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B6%BD+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA.

දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් උතුරු පළාතට ඉඩම් හා පොලිස් බලතල අවශ්‍ය බව ප්‍රකාශ කිරීම ජාත්‍යන්තර වශයෙන් රට අර්බුදයකට ලක් කිරීමේ උත්සාහයක් බව රජය පවසනවා. ඊයේ දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය යාපනයේදී එළිදක්වනු ලැබුවා. එම අවස්ථාවට එක්වෙමින් දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය අපේක්ෂක සී.වී.විග්නේෂ්වරන් කියා සිටියේ උතුරු පළාත් සභාවට ඉඩම් හා පොලිස් බලතල ලබානොදුනහොත් ඒ පිළිබඳව ජාත්‍යන්තරය දැනුවත් කරන බවයි.

 

[MP3]s66469_1[/MP3]

 

නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි සඳහන් කළේ ජාත්‍යන්තර වශයෙන් රට අර්බුදයට ලක් කිරීමේ දෙමළ ජාතික සන්ධානයේ උත්සාහය මහඇමති අපේක්ෂකයා නම් කළ මොහොතේ සිටම ඉස්මතු වූ බවයි.

 

[MP3]s66469_2[/MP3]

 

කෙසේ වුවත්, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ ඉඩම් හා පොලිස් බලතල පිළිබඳ අවසන් තීරණයක් ගැනීම ජනාධිපතිවරයා සතු බැවින් අනියත බියක් ඇති කර නොගතයුතු බවයි.

 

[MP3]s66469_3[/MP3]

 

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසන්නේ දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ඔවුන්ගේ ජාතිවාදී අරමුණු හෙළිදරව් වී ඇති බවයි.

 

[MP3]s66469_4[/MP3]

 

මේ අතර, අවි බලයෙන් ලබාගත නොහැකි වූ ඊළම දේශපාලන බලයෙන් ලබා ගැනීමට දෙමළ ජාතික සන්ධානය උත්සාහ කරන බවයි අද (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් ප්‍රකාශ කළේ.

 

[MP3]s66469_5[/MP3]  

 

[JPG]66469_1[/JPG]     



ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන්ට මහ බැංකුවෙන් දැනුම් දීමක්
Monday, 13 July 2020 - 16:43

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය... Read More

කඩුගන්නාවේදී බස් කොන්දොස්තරවරයෙකුට පහරදීමක්
Monday, 13 July 2020 - 16:32

පහරදීමක් හේතුවෙන් කඩුගන්නාව - මහනුවර බස් රථ කොන්දොස්තරවරයෙකු... Read More

මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කළ සැකකරුවන් යළි රිමාන්ඩ්
Monday, 13 July 2020 - 16:31

මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන්... Read More