ඔන්චිල්ලාවෙන් ගෙළ සිරවී 11 හැවිරිදි දැරියක් මරු තුරුළට.

Wednesday, 04 September 2013 - 19:04

%E0%B6%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%93+11+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%85%E0%B6%A7.


11 හැවිරිදි පාසල් දැරියක් ඔන්චිල්ලාවක ගෙළ  සිරවී මියගිය පුවතක් මාවනැල්ල -  අලූත්නුවරින් අද (04) දහවල් වාර්තාවුණා. සිය මව, කුඩා නැගණියට එන්නතක් ලබාදීම සඳහා නිවසින් පිටව ගිය අවස්ථාවේදී දුෂානි පබෝධනී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණපෑවා.

අලූත්නුවර කණිෂ්ඨ විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන දුෂානි අද නිවසේ නතරවී ඇත්තේ පාසල් යාමට නොහැකි බව පවසමින්. නිවස අසල පිහිටි මිත්තණියගේ නිවසේ සිටි ඇය පෙරවරු 11 ට පමණ සිය නිවසට ගොස් ඇත්තේ දිය නෑම සඳහා රෙදි රැගෙන ඒමටයි. එහෙත් කුඩා දුෂානි යළි නොපැමිණීම නිසා මිත්තනිය ඇය සොයා එම නිවසට ගියා. එහිදී දක්නට ලැබුණේ ඔංචිල්ලාවේ ගෙළ සිරවීමෙන් දැරිය මියගොස් සිටි අන්දමයි. ඇය මෙළොව හැර ගියේ ඇය සමගම උපන් නිවුන් සොහොයුරියද තනි කරමින්. දුෂානිට තවත් වැඩිමහල් සොහොයුරෙකු දෙහැවිරිදි වියේ පසුවන නැගණියක්ද සිටිනවා.

මාවනැල්ල - අලූත්නුවර - එනසාඋල්ල ග්‍රාමයේ ජීවත්වූ දුෂානි පබෝධනීගේ මෙම අවාසනාවන්ත මරණය පිළිබඳ පැහැදිළි කළ ඇයගේ පුංචිඅම්මා.
 
[MP3]s66500[/MP3]



මද්දෙන් මුදාගත් කඳුකර ගැහැණු දිවියා අද රැගෙන ගිය තැන මෙන්න
Monday, 13 July 2020 - 17:16

මද්දෙන් මුදාගත් කඳුකර ගැහැණු දිවියා අද රැගෙන ගිය තැන මෙන්න... Read More

මග්ගොන මුහුදේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු අතුරුදන්
Monday, 13 July 2020 - 17:04

පයාගල - මග්ගොන උස්වැල්ල මුහුදු තීරයේ දිය නෑමට ගිය එකම පවුලේ... Read More

මොනරාගල දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක හා අධිකරණ සංඝනායක හිමිවරුන් පත්වෙයි
Monday, 13 July 2020 - 16:55

සියම් මහ නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මොනරාගල දිස්ත්‍රික්... Read More