ජගත් සංවිධානයට ශ්‍රී ලංකාවෙන් ආදර්ශයක්.

Thursday, 05 September 2013 - 7:32

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

මෙරට අවසන් යුද සමයේදී ජගත් සංවිධානයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටු වාර්තාවේ නිර්දේශ, ආදර්ශයක් ලෙස සැළකීමට ජගත් සංවිධානය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම වාර්තාව ලොව සෙසු රටවල අර්බුද අවස්ථාවන්හිදී ජගත් සංවිධානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ආදර්ශයක් ලෙස සැළකීමට තීරණය කර ඇති බවයි එහි මහ ලේකම් බෑන් කී මූන් සඳහන් කළේ. මෙරට අවසන් යුද සමයේදී ජගත් සංවිධානය නිසි අයුරින් ක්‍රියාකර නොමැති බවට චෝදනාවක් එල්ලවුණා. එම චෝදනා පදනම් කරගනිමින් ජගත් සංවිධානයේ මෙරට ක්‍රියාකාරිත්වය සොයාබැලීම සඳහා මහ ලේකම්වරයා කමිටුවක්ද පත්කළා. එම කමිටුවේ නිර්දේශ පදනම් කරගනිමිනුයි බෑන් කී මූන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

 

මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ ජගත් සංවිධාන වාර්ෂික වාර්තාව ඊයේ (04) එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජගත් මහ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ ලොව සියලූම රටවල් මානුෂීය හා මානුෂවාදී නීතීන් පිළිපැදිය යුතු බවයි. ඒ සඳහා සියළු රටවල් ඒකාබද්ධව කටයුතු කළයුතු බවද ජගත් සංවිධාන මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.



රාජසන්තක කෙරෙන බීඩි කොළ විනාශ කිරීමට කැබිනට් අනුමැතිය
Thursday, 09 July 2020 - 17:48

ශ්‍රී ලංකා රේගුව විසින් රාජ සන්තක කරනු ලබන බීඩි කොළ තොග විනාශ... Read More

ජීවිත 18 ක් බිළි ගත් අනතුර
Thursday, 09 July 2020 - 17:33

පරන්තන් සිට මුලතිව් දක්වා දිවෙන මාර්ගයේ විශ්වමඩු - වෙලික්කන්ඩල්... Read More

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය ඉක්මවයි
Thursday, 09 July 2020 - 17:03

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය... Read More