පිටකොටුවේ අලෙවි වන ඇතැම් පානීය ජල බෝතල්වල ග්‍රීස් සහ තෙල්.

Thursday, 05 September 2013 - 12:40

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B7%80%E0%B6%B1+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B6%E0%B7%9D%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A.

පිටකොටුව ප්‍රදේශයේ ආපනශාලාවල අලෙවි කෙරෙන පානීය ජල බෝතල් තුළ තෙල් සහ ග්‍රීස් වර්ග අඩංගු වී ඇති බවට පරීක්ෂණවලින් හෙළිවී තිබෙනවා. පසුගියදා පිටකොටුව ප්‍රදේශයේ ආපනශාලා කිහිපයක මෙලෙස අලෙවියට තබා ඇති ජල බෝතල්වල සාම්පල් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් රැගෙන යනු ලැබුවේ වැඩිදුර පරීක්ෂාව සඳහායි. පසුව ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකළ අතර එහි වාර්තාව මේ වනවිට එම අධිකාරිය වෙත ලැබී තිබෙනවා.

එසේ ලබාගත් ජල සාම්පල් 10 න් දෙකක මෙලෙස මනුෂ්‍ය ශරීරයට නුසුදුසු තෙල් සහ  ග්‍රීස් වර්ග අන්තර්ගත වී ඇති බවට රස පරීක්ෂක වාර්තාව මගින් අනාවරණය කර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා. ඒ අනුව එම ජල බෝතල් අලෙවි කළ සමාගම්වලට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවයි එම උසස් නිලධාරියා ප්‍රකාශ කළේ.

තෙල් සහ ග්‍රීස් අඩංගු වී තිබූ මෙම ජල බෝතල් සඳහා අදාළ සමාගම් ප්‍රමිති සහතිකය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයද ලබාගෙන තිබෙනවා. එසේ තිබියදී මෙම ජල බෝතල් තුළ තෙල් සහ ග්‍රීස් අන්තර්ගතවී තිබීම ගැටළු සහගත බවයි පාරිභෝගික සේවා අධිකාරියේ උසස් නිලධාරියා ප්‍රකාශ කළේ.



මද්දෙන් මුදාගත් කඳුකර ගැහැණු දිවියා සමනල ස්භාවික රක්ෂිතයට (වීඩියෝ)
Monday, 13 July 2020 - 17:16

ගිනිගත්හේන කෙනිල් වත්තේ ලඳු කැලෑවක අටවා තිබු මද්දකට හසු වි... Read More

මග්ගොන මුහුදේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු අතුරුදන්
Monday, 13 July 2020 - 17:04

පයාගල - මග්ගොන උස්වැල්ල මුහුදු තීරයේ දිය නෑමට ගිය එකම පවුලේ... Read More

මොනරාගල දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක හා අධිකරණ සංඝනායක හිමිවරුන් පත්වෙයි
Monday, 13 July 2020 - 16:55

සියම් මහ නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මොනරාගල දිස්ත්‍රික්... Read More