ඇමරිකාවට යටත් නොවන බවට සිරියාවෙන් ප්‍රකාශයක්.

Thursday, 05 September 2013 - 12:49

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

තමන්ට එරෙහි ප්‍රහාර, තුන්වන ලෝක යුද්ධයකට මුල පිරුවද ඇමරිකාවට යටත් නොවන බව සිරියාව පවසනවා. දැනට විදේශ අමාත්‍ය ෆයිසාල් මුග්ඩැඞ් මේ බව ප්‍රකාශ කළේ සිරියාවට එරෙහි ඇමරිකානු ප්‍රහාරයක් නුදුරේදීම එල්ලවිය හැකි බවට පළවන වාර්තාත් සමගයි. තම රටට එරෙහිව ඇමරිකාව ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බව අවබෝධ වී ඇති බවද සිරියානු විදේශ අමාත්‍යවරයා කියා සිටියා. ඔවුන් තවත් රටවල් කිහිපයක සහය මෙම ප්‍රහාර සඳහා යොදාගත්තද සිරියාවද තමන්ට හිතවත් රටවල සහය ඊට එරෙහිව යොදාගැනීමට බලාපොරොත්තු වන බවයි සිරියානු විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. සිරියාවට එරෙහි ප්‍රහාර තුන්වන ලෝක යුද්ධයකට මුල පිරුවද තම ස්ථාවරයේ වෙනසක් නොවන බවද සිරියානු විදේශ අමාත්‍යවරයා කියා සිටියා. ඔහු සඳහන් කළේ කිසිම සිරියානුවෙකුට රටේ ස්වාධීනත්වය පාවාදිය නොහැකි බවයි.



ඉන්දියාවේ කොරෝනා රෝහලක ගින්නකින් අටදෙනෙකු ජීවිතක්ෂයට
Thursday, 06 August 2020 - 10:15

ඉන්දියාවේ - ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි කොරෝනා වෛරස්... Read More

හිරෝෂිමාව පරමාණු බෝම්බ ප්‍රහාරයේ 75 වන වසර අනුස්මරණය කරයි
Thursday, 06 August 2020 - 9:07

ඇමරිකාව විසින් ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල කර අදට... Read More

ඩුබායි - අජ්මාන් වෙළඳපොලේ ගින්න මැඩපවත්වයි
Thursday, 06 August 2020 - 8:44

ඩුබායි හි අජ්මාන් වෙළඳපොලේ ඊයේ සන්ධ්‍යාවේ ඇතිවූ දැවැන්ත... Read More