කො.ම.න. සභාවේ ලිපි ලේඛණ 52 ක්ම පුළුස්සා ඇත්තේ අවසර නැතිවයි.

Friday, 06 September 2013 - 12:50

%E0%B6%9A%E0%B7%9C.%E0%B6%B8.%E0%B6%B1.+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%AB+52+%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92.



කොළඹ මහ නගර සභාවේ ලිපි ලේඛන තොගයක් බොරැල්ල කනත්තේදී පුළුස්සා දැමීමේ ක්‍රියා පටිපාටියේ දෝෂ ඇති බවට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ කමිටුව සිය වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා. එම වාර්තාව ඊයේ (05) බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වෙත ලබාදුන් අතර, එහි දක්වා ඇත්තේ ලිපි ලේඛණ 52 ක් පුළුස්සා දැමීමට පෙර ඊට සම්බන්ධ වූ නිලධාරීන් නාගරික කොමසාරිස්වරියගෙන් අවසර ලබාගෙන නොමැති බවයි. පුළුස්සා දමා ඇති ලේඛණ 178 න්, අවසර ලබාගෙන ඇත්තේ ලේඛණ 126 කට පමණක් බවද එම පරීක්ෂණ වාර්තාවේ පෙන්වා දී ඇතැයි බස්නාහිර පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රානි සමරකෝන් කියා සිටියා. කෙසේ වෙතත්, මෙම වාර්තාව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත ලබන සතියේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගිනි තැබීමට සම්බන්ධ වූ නිලධාරීන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි ඇය ප්‍රකාශ කළේ.

[MP3]s66620[/MP3]

පසුගිය අගෝස්තු මස 17 වැනිදා මෙම ලිපි ලේඛණ බොරැල්ල කනත්තේදී පුළුස්සා දමා තිබූ අතර, පසුගිය 29 වැනිදා රැස්වු කොළඹ මහ නගර සභාවේ මාසික මහ සභා රැස්වීමේදී සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින යෝජනාවක්ද සම්මත වුණා.