ලසන්ත ඝාතනයේ දෙවන සැකකරු නිදහස්.

Friday, 06 September 2013 - 19:08

%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A.

සන්ඬේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අවසන් සැකකරු අධිකරණය මගින් අද (06) නිදොස් කොට නිදහස් කරනු ලැබුවා. නීතිපති උපදෙස් මත ගල්කිස්ස මහේස්ත්‍රාත් රංගජීව විමලසේන විසින් ඔහු නිදහස් කරනු ලැබූ බවයි හිරු අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළේ. ඝාතනය පිළිබඳ චෝදනා තමාට සිදුවූ බලපෑම් මත පිළිගත් බව ඔහු මීට පෙර අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. 2009 වසරේ ජනවාරි 09 වැනිදා සිදුවු ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිටි අතර අද නිදහස් කෙරුණේ දෙවන සැකකරුයි. සිද්ධියේ පළමු සැකකරු 2011 වසරේ ඔක්තෝම්බර් මාසයේ බන්ධනාගාරය තුළදී මියගියා. මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ. අද පැවැති නඩු විභාගය සම්බන්ධයෙන් අදහස් දක්වන ලසන්ත වික්‍රමතුංග පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අතුල එස්. රණගල.

 
[MP3]s66661[/MP3]