විදේශ මැතිවරණ නිරීක්ෂකයන් 13 ශ්‍රී ලංකාවට.

Sunday, 08 September 2013 - 13:02

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+13+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා එක්වන විදේශ නිරීක්ෂකයන් මේ මස 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනවා. මැතිවරණ මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙලෙස පැමිණෙන නිරීක්ෂකයන් මේ මස 14 වැනිදා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය හමුවන බවයි. දකුණු ආසියානු මැතිවරණ බළධාරින්ගේ සංගමයට අයත් නිරීක්ෂකයන් 20 දෙනෙකුට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව දැනටමත් දැනුම්දී අවසන්. මෙලෙස පැමිණෙන විදේශ නිරීක්ෂකයන් උතුර, වයඹ සහ මධ්‍යම පළාත්වලට ගොස් එහි ඡුන්ද විමසීම සිදුකෙරෙන ආකාරය පිළිබඳව නිරීක්ෂණය කරනු ඇති.

වසර 25 කට පසුව පැවැත්වෙන උතුරු පළාත් සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් විදේශීය නිරීක්ෂකයන්ගේ දැඩි අවධානය යොමුවනු ඇති බව සඳහන්. මැතිවරණ මහලේකම්කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන්දියානු සහ පාකිස්ථාන නිරීක්ෂකයන් 5 දෙනා බැගින් දස දෙනෙනු ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, බංග්ලාදේශ ජාතිකයන් 4 දෙනෙකු මෙන්ම මාලදිවයින් සහ නේපාල ජාතිකයන් දෙදෙනෙකු බැගින්    ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි. ඊට අමතරව, භූතානයේ සහ ඇෆ්ගනීස්ථානයෙන් ද එක් නිරීක්ෂකයෙකු බැගින් මෙරටට පැමිණෙනු ඇති. මෙම කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඉන්දියාවයි. මැතිවරණ මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන්දීය හිටපු මැතිවරණ කොමසාරිස් එම්.ගෝපාලස්වාමි සහ මාලදිවයින් මැතිවරණ කොමසාරිස් මොහොමඞ් ෆාරුක් ද එක්වන බවයි.

ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයට අයත් නිරීක්ෂකයන් 8 දෙනෙකු ද මේ මස 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා. ඔහු කියා සිටියේ මෙම පිරිස උතුරේ මැතිවරණ නිරීක්ෂණ කටයුතුවලට එක්වන බවයි.

[MP3]s66768_1[/MP3]

මේ අතර, පළාත් සභා මැතිවරණයේදී රාජ්‍ය නිලධාරින්ගේ ක්‍රියාකාරිත්වය පිලිබඳ විමර්ශනයක් සිදුකිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමසම තීරණය කර තිබෙනවා. එහි නීති ලේකම් නීතීඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ රාජ්‍ය නිලධාරින් අපක්ෂපාතීත්ව මැතිවරණ නීතිය ක්‍රියාත්මක කර මානව හිමිකම් ආරක්ෂා කරන්නේ ද යන්න සොයා බැලීම මෙහි අරමුණ බවයි.
 
[MP3]s66768_2[/MP3]



තවත් කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තාවෙයි
Monday, 13 July 2020 - 17:43

තවත් කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

සැමියාට පොල්ලකින් පහරදුන් බිරිඳ අත්අඩංගුවට
Monday, 13 July 2020 - 17:37

තම සැමියාට පොල්ලකින් පහරදී තුවාල සිදු කළ බිරිඳක් කටුනායක... Read More

මද්දෙන් මුදාගත් කඳුකර ගැහැනු දිවියා සමනල ස්භාවික රක්ෂිතයට (වීඩියෝ)
Monday, 13 July 2020 - 17:16

ගිනිගත්හේන කෙනිල් වත්තේ ලඳු කැලෑවක අටවා තිබු මද්දකට හසු වි... Read More