ජනපති මෙවර ජගත් මහසමුළුවට.

Sunday, 08 September 2013 - 13:04

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

මෙවර එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරය සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගිවීමට නියමිතයි. කෙසේ නමුත්, ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු චාරිකාව පිළිබඳ අවසන් කාලසටහන මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. ඒ පිළිබඳ ඉදිරි සතිය තුළ තීරණයකට එළඹෙනු ඇතැයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක ප්‍රකාශ කළා. මෙවර ජගත් සංවිධාන මහා මණ්ඩල සැසිවාරය සැප්තැම්බර් 24 වැනිදා ආරම්භ වනවා. නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදී මෙවර පැවැත්වෙන්නේ 68 වන මහා සභාවාරයයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පසුගිය සැසිවාරයේදී සහභාගි වූයේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්. 2011 වසරේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතුවා.