ජිනීවා සමුළුව අද ඇරඹේ.

Monday, 09 September 2013 - 8:04

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 24 වන සැසි වාරය අද (09) ආරම්භවීමට නියමිතයි. මෙම සැසි වාරය ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ දී පැවැත්වෙන අතර, සමුළුව ලබන 27 වන දා දක්වා පැවැත්වෙනවා. සැසි වාරයේ න්‍යාය පත්‍රය අනුව ලබන 25 වන දා මානව හිමිකම් පිළිබදව මහකොමසාරිස් නවනීදන් පිල්ලේ විසින් ශ්‍රී ලංකාව පිළිබදව සකස් කළ වාචික වාර්තාවක් ද ඉදිරිපත් කරනු ඇති. එහිදී මානව හිමිකම් කොමසාරිස්වරිය මානව හිමිකම් සැසි වාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාවලියට අනුව මෙරට වගවීමේ සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ප්‍රගතිය පිළිබදව අදහස් පළ කිරීමට නියමිතයි. ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ පසුගිය අගෝස්තු 25 වැනිදා සිට 31 වැනිදා දක්වා සතියක කාලයක් දිවයිනේ සංචාරයකද නිරතවුණා.

මේ අතර පසුගිය සැසි වාරය ඇතුළු සැසි වාර කිහිපයකදීම ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අමාත්‍ය මහින්ද සමරසිංහට මේ දක්වා මෙම සමුළුවට සහභාගිවීමට දැනුම්දීමක් සිදුකර නැහැ. කෙසේ වෙතත් ජිනීවා හි මෙරට නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහගේ මූලිකත්වයෙන් යුතුව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් පිරිසක් සැසි වාරයට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි අමාත්‍ය මහින්ද සමරසිංහ පසුගිය සති අන්තයේ මහනුවර පැවැති උත්සවයකදී සදහන් කළේ.

[MP3]s66800[/MP3]