කොට්ටාව - ආනන්දයේ විදුහල්පතිට හිංසාවක් සිදුවී නැහැලූ.

Monday, 09 September 2013 - 13:19

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B7%80+-+%E0%B6%86%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%82%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%96.



ලිංගික අල්ලසක් ලබා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කොට්ටාව - ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාට රක්ෂිත බන්ධනාගාරයේදී හිංසන ක්‍රියාවක් සිදුව නැතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී කුලතුංග කියා සිටියේ තමන් මේ සම්බන්ධයෙන් කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගෙන් විමසූ බවයි.

කොට්ටාව - ආනන්ද විදුහලේ පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළත් කිරීම සඳහා එම දරුවාගේ මවගෙන් විදුහල්පතිවරයා ලිංගික අල්ලසක් ලබා ගැනීමට තැත්කර ඇති බවට  චෝදනා කරමිනුයි අල්ලස් කොමිසම සැකකරු අත්අඩංගුවට ගත්තේ. පසුගිය 5 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. එහිදී ඔහුට කිසියම් හිංසනයන් සිදුව ඇතැයි පැතිර යන ආරංචි සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී කුලතුංගගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසා සිටියා.

[MP3]s66839[/MP3]