මැතිවරණ නීති අමු අමුවේ උල්ලංගණය කරනවා. - එ.ජා.ප.

Tuesday, 10 September 2013 - 12:32

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවන දිනය අදයි. අද (10) දිනයේ තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයන්ට මේ මස 12, 13 සහ 14 යන දින තුනෙහි අදාළ දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයට ගොස් ජන්දය ප්‍රකාශ කළ හැකි වනවා. තැපැල් ජන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු ප්‍රශස්ත අන්දමින් පැවැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය පවසනවා.

එමෙන්ම පළාත් සභා ජන්ද විමසීමට අදාළව තාවකාලික හැදුනුම්පත් සඳහා ඉල්ලූම් කිරීමට ලබාදුන් කාලය මේ මස 15 වැනිදා දක්වා යළිත් වරක් දීර්ඝ කර තිබෙනවා. තාවකාලික හැඳුනුම්පත් සඳහා ඉල්ලූම් කිරීමට ලබාදුන් කාලය අදින් අවසන්වීමට නියමිතව තිබුණා.

මේ අතර, මෙවර පළාත් සභා ජන්ද විමසීමේදී මැතිවරණ නීති උල්ලංගණය කිරීම අමු අමුවේ සිදුවන බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මේ බව කියා සිටියේ කොළඹ අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[MP3]s66897_1[/MP3]                                                

කෙසේ වෙතත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසන්නේ මෙවර පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය තවමත් සක්‍රීයව දායක වී නොමැති බවයි. කොළඹ අද (10) පැවැති සන්ධාන මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියේ.

[MP3]s66897_2[/MP3]