ඇමති තොණ්ඩමන්ට ඇප.

Tuesday, 10 September 2013 - 18:55

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4.
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් රුපියල් 75 000 ක ශරීර ඇප මත මුදා හැරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. තලවකැලේ පොලීසියට තර්ජනය කිරීමේ චෝදනාව මත තොණ්ඩමන් අමාත්‍යවරයා ඇතුලූ තවත් පුද්ගලයින් හත්දෙනෙකුට එරෙහිව පොලීසිය නඩු පවරා තිබුණා. එම නඩුව අද නුවරඑළිය මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදියි මෙම නියෝගය නිකුත් කෙරුණේ. ලංකා කම්කරු කොංග්‍රසයේ සහ කම්කරු ජාතික සංගමයේ ආධාරකරුවන් දෙපිරිසක් අතර පසුගිය අගෝස්තු මස 19 වැනිදා නුවරඑළිය - දිඹුලපතන කොමර්ෂල් ප්‍රදේශයේදී ගැටුමක් ඇතිවුණා. අනතුරුව පසුගිය මස 20 වැනිදා අළුයම තලවකැලේ පොලීසියට පැමිණි ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයා එහි කලහකාරී ලෙස හැසිරී තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දිගම්බරම්ට එරෙහිව සිදුකරන ලද පැමිණිල්ලක් විභාග කිරීම ප්‍රමාද වූ බව පවසමින්. ඒ අනුව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයා ඇතුලූ තවත් පුද්ගලයින් හත්දෙනෙකුට නොතීසි නිකුත් කළ අතර ඒ අනුවයි ඔවුන් අද අධිකරණයේ පෙනී සිටියේ. වැඩිදුර නඩු විභාගය ලබන මස 22 වැනිදා පැවැත්වෙනවා.