පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක උළෙල හේතුවෙන් කොළඹ පාසල් 31ක් වසා දැමේ.

Wednesday, 11 September 2013 - 18:15

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+31%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%9A.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක උළෙල හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ පාසල් 31 ක් තාවකාලිකව වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය තීරණය කර තිබෙනවා. මේ අනුව ලබන නොවැම්බර් මස 6 වැනිදා සිට 19 වැනිදා දක්වා සති දෙකක කාලයක් මෙම පාසල් වසා තැබෙනු ඇති. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක උළෙලට සහභාගිවන විදෙස් දූත මණ්ඩලවල ආරක්ෂාව සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් කළ දැනුම්දීමකට අනුව මෙම පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මෙලෙස වසා තැබෙන පාසල් 31 අතරට කොළඹ ආනන්ද, නාලන්ද, රාජකීය, විශාකා, ඞී.එස්. සේනානායක, ඉසිපතන සහ සිරිමාවෝ බණ්ඩාරනායක යන විද්‍යාලද ඇතුළත්.

 

 

1.    මහානාම විදුහල, කොළඹ 03
2.    බාරොන් ජයතිලක විදුහල, මාළිගාවත්ත.
3.    රාජසිංහ විදුහල, මාළිගාවත්ත.
4.    අශෝක විදුහල, මරදාන.
5.    ආනන්ද විදුහල, මරදාන.
6.    විහාරමහා දේවී බාලිකා විදුහල, මරදාන.
7.    සංඝරාජ විදුහල, මරදාන.
8.    හෝලි රොසරි සිංහල විදුහල, කොම්පඤ්ඤවීදිය.
9.    හෝලි රොසරි සිංහල විදුහල, කොම්පඤ්ඤවීදිය.
10.   ටී.බී. ජයා විදුහල, කොම්පඤ්ඤවීදිය.
11.    අල්ඉග්බාල් විදුහල, කොම්පඤ්ඤවීදිය.
12.    මිහිඳු විදුහල, කෙසෙල්වත්ත.
13.    අල්හිග්මා විදුහල, කෙසෙල්වත්ත.
14.    කොටහේන මධ්‍ය මහා විද්‍යාලය, කොටහේන.
15.    ශාන්ත පාවුළු බාලිකා විදුහල, බම්බලපිටිය.
16.    හින්දු විදුහල, බම්බලපිටිය.
17.    විශාකා විදුහල, කොළඹ 05.
18.    ඉසිපතන විදුහල, කොළඹ 05.
19.    සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විදුහල, කොළඹ 08.
20.    සුසමයවර්ධන විදුහල, කොළඹ 05.
21.    රාජකීය විදුහල, කොළඹ 07.
22.    ඞී.එස්. සේනානායක විදුහල, කොළඹ 07.
23.    තර්ස්ටන් විදුහල, කොළඹ 03.
24.    සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල, කොළඹ 07.
25.    ආනන්ද බාලිකා විදුහල, කොළඹ 07.
26.    ගෝතමී බාලිකා විදුහල, මරදාන.
27.    නාලන්ද මහා විද්‍යාලය, බොරැල්ල.
28.    මහාබෝධී විද්‍යාලය, කොළඹ 02.
29.    සාරිපුත්ත විද්‍යාලය, කොළඹ 02.
30.    අල් හිදායා මහ විදුහල, කොළඹ 10.
31.    ඊ.ඒ. ගුණසිංහ විද්‍යාලය, කොළඹ 12.

 



මෙරට ඉතිහාසයේ පළමු වරට වාර්තා වූ කැරට් 24 රන් පවුමක මිල
Thursday, 09 July 2020 - 17:03

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය... Read More

පැල්මඩුල්ල දෙනවක ගගේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින් දෙදෙනාගේ මරණවලට හේතුව හෙළිවේ
Thursday, 09 July 2020 - 16:48

පැල්මඩුල්ල දෙනවක ගගේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2151 දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 16:29

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 2151 දක්වා... Read More