ඇමරොන් සහ සිලෝන් වෝටර් පානීය ජල බෝතල් තහනම්.

Friday, 13 September 2013 - 18:42

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B6%E0%B7%9D%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

ලියාපදිංචි සහතිකයක් නොමැතිව ඇමරොන් සහ සිලෝන් වෝටර් යන සන්නාම යටතේ අලෙවි කරන ජල බෝතල් වහාම වෙළඳපොලෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අද තීරණය කළා. එමෙන්ම, මෙම ජල බෝතල් නිෂ්පාදනය කරනු ලබන ආයතන දෙකට එරෙහිව නඩු පැවරීම ද තීරණය කළ බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ අතර, පානීය ජල බෝතල් නිෂ්පාදනය කරන ආයතන සම්බන්ධයෙන් සති දෙකක් තුළ තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලූම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබෙනවා. විශේෂයෙන් පානීය ජල බෝතල් නිෂ්පාදනය කරන ආයතන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිය ලබාගෙන තිබේද යන්න පිළිබදව වැඩි අවදානයක් යොමු කරන ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල උපදෙස් ලබාදී ඇත්තේ.

පිටකොටුවේ ආපනශාලාවල අලෙවි කෙරෙන පානීය ජල බෝතල් තුළ තෙල් සහ ග්‍රීස් වර්ග අඩංගු වී ඇති බවට මුල්වරට අනාවරණය කළේ පසුගිය සැප්තැම්බර් මස 5 වැනිදා හිරු දහවල් ප්‍රවෘත්ති විකාශයෙන්. පාරිභෝගික අධිකාරියේ නිලධාරින් රජයේ රස පරීක්ෂකවරයා හරහා සිදුකළ පරීක්ෂණවලදීයි මෙම තොරතුරු අනාවරණය වී තිබුණේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලියාපදිංචිය ලබාදෙන ලද පානීය ජල බෝතල්වල ලියාපදිංචි අංකය සී.එස්.ඒ. හෝ බී.ඩබ්ලිව් යන අක්ෂරසහිතව සටහන් කර ඇති අතර, කොළඹ නගර සීමාව තුළ මිලදී ගනු ලබන පානීය ජල බෝතලයක ප්‍රමිතිය සම්බන්ධව කිසියම් ගැටළුවක් මතුවුවහොත් දුරකථන අංක 0112 676161 දුරකථන අංකයෙන් කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය අංශය අමතන ලෙස එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් ඉල්ලීමක් කළා.

[MP3]s67142_1[/MP3]                                           

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදී ඇති නියෝගයන්ට අනුව ප්‍රමිතියෙන් තොර පානීය ජල බෝතල් නිෂ්පාදනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපලේකම් බී. මුතුකුඩ කියා සිටියේ.

[MP3]s67142_2[/MP3]