ලන්ඩන් පොලීසියේ කොටි සළකුණ ඉවත් කෙරේ.

Sunday, 15 September 2013 - 12:27

%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.



ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලීසියේ වෙබ් අඩවියේ සටහන්ව තිබූ එල්.ටී.ටී.ඊ. ලාංඡුනය ඉවත් කිරීම සඳහා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත්වී තිබෙනවා. එහි ලේකම් කරුණාතිලක අමුණුගම හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ අදාළ සටහන පිළිබඳව දැනගත් වහාම එය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස රාජතාන්ත්‍රික කාර්යාල දැනුවත් කළ බවයි. ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලීසියේ වෙබ් අඩවියේ සංක්‍රමණිකයන් භාවිත කරන වෙනත් භාෂා තොරතුරු සළකුණු කිරීමටයි කොටි ලාංඡුනය යොදාගෙන ඇත්තේ.

 
බ්‍රිතාන්‍ය තුළ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන කොටි සංවිධානයේ ලාංඡුනය මෙට්‍රොපොලිටන් පොලිස් බලධාරීන් දැනුවත්ව නොසිටියේ මන්දැයි එහි සිටින ශ්‍රී ලාංකිකයන් ප්‍රශ්න කරනවා. මේ සම්බන්ධයෙන් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ වැඩබලන මහ කොමසාරිස් නෙවිල් ද සිල්වා විසින් බ්‍රිතාන්‍ය විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය කාර්යාලයට ලිපියක්ද යොමුකළ බව සඳහන්.  සිදුවීම පිළිබඳව සමාව අයදිමින් පසුව පොලිස් වෙබ් අඩවියෙන් කොටි සළකුණ ඉවත් කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා.