ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රට බෙදීමේ යෝජනා නැහැ. - TNA

Sunday, 15 September 2013 - 19:29

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+TNA

උතුරු පළාත් සභාව සඳහා තම පක්ෂය ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ රට බෙදීම සම්බන්ධයෙන් කිසිදු යෝජනාවලියක් අඩංගු වී නැතැයි දෙමළ ජාතික සන්ධානය පවසනවා. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මේ බව කියා සිටියේ යාපනයේ අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. දෙමළ ජාතික සන්ධානය පසුගිය 03 වන දා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනු ලැබූ අතර, පළාත් සභාවලට හිමි ඉඩම් සහ පොලිස් බලතල උතුරු පළාත් සභාව වෙනුවෙන් බලාත්මක කර ගත යුතු බවට එහි දක්වා තිබුණා. එසේම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත වෙන් කරනු ලැබූ උතුරු - නැගෙනහිර දෙපළාත් නැවත ඒකාබද්ධ කළ යුතු බවයි දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පෙන්වා දී තිබුණේ. කෙසේ වෙතත්, පසුගිය දා ජාතික හෙළ උරුමය පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා.

[MP3]s67258_1[/MP3]

කෙසේ නමුත්, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් කියා සිටියේ එකම රටක් තුළ දේශපාලන විසඳුමක් ලබා ගැනීම තම පක්ෂයේ අරමුණ බවයි.
 
[MP3]s67258_2[/MP3]



පෙරවරු 6 සිට දහවල් 11 දක්වා මැතිවරණ පැමිණිලි 421ක්
Wednesday, 05 August 2020 - 16:24

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව... Read More

පානදුර බෙක්කේගම ඡන්දපොලේ දී සිදුවූ මරණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 16:23

පානදුර බෙක්කේගම ඡන්දපොළ භුමියේදී අද (05) පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ... Read More

පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More