දඹුල්ල, නොච්චියාගම රිය අනතුරුවලින් 6 ක් මරුට. 35 ක් රෝහලේ.

Monday, 16 September 2013 - 7:18

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%2C+%E0%B6%B1%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+6+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.+35+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A.



දඹුල්ල - බකමූණ මාර්ගයේ කිලෝමීටර් 4 - 5 කණුව අතර කණ්ඩලම ප්‍රදේශයේදී අද අලූයම සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ වැලි පිරවූ ටිපර් රථයක යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ යතුරු පැදියේ ගමන් ගත් කාන්තාව සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක්. මියගිය පුද්ගලයන් දෙදෙනා බකමූණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 
මේ අතර දඹුල්ල - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී අද උදෑසන සිදුවූ අනතුරක් හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයින් තිස්පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ දෙහිඅත්තකණ්ඩියේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පෙරළීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි. මේ අතර අද උදෑසන පුත්තලම - අනුරාධපුරය ප්‍රධාන මාර්ගයේ වෑන් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව නොච්චියාගම පොලීසිය සඳහන් කළා.

[JPG]67271_1[/JPG]

[JPG]67271_2[/JPG]

[JPG]67271_3[/JPG]

[JPG]67271_4[/JPG]

[JPG]67271_5[/JPG]

[JPG]67271_6[/JPG]

[JPG]67271_7[/JPG]

[JPG]67271_8[/JPG]

[JPG]67271_9[/JPG]

[JPG]67271_10[/JPG]

[JPG]67271_11[/JPG]

 

 



රාජසන්තක කෙරෙන බීඩි කොළ විනාශ කිරීමට කැබිනට් අනුමැතිය
Thursday, 09 July 2020 - 17:48

ශ්‍රී ලංකා රේගුව විසින් රාජ සන්තක කරනු ලබන බීඩි කොළ තොග විනාශ... Read More

ජීවිත 18 ක් බිළි ගත් අනතුර
Thursday, 09 July 2020 - 17:33

පරන්තන් සිට මුලතිව් දක්වා දිවෙන මාර්ගයේ විශ්වමඩු - වෙලික්කන්ඩල්... Read More

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය ඉක්මවයි
Thursday, 09 July 2020 - 17:03

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය... Read More